ඩැරන් සමි ඇත්ත හෙළිකරයි

Monday, 04 April 2016 - 9:52

%E0%B6%A9%E0%B7%90%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B7%92+%E0%B6%87%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
ඊයේ (3) මැච් එක කොදෙව්වෝ ඉවර කලේ කවදාවත් අමතක නොවෙන මතක සටහන් ගොඩක් ඉතිරි කරලා.

ඒත් ඇත්තටම ඒ හිනාවෙලා තිබ්බ මූණු වල හැංගිලා තිබුණේ දුක හිතෙන කතාවක්.

ඒක ඊයේ (3) මැච් එකේ ත්‍යාග ප්‍රධානය කරන අවස්ථාවේ ඩැරන් සමිගේ කටින් එළියට ආවා.

ඔහු ඒ වෙලාවෙම මේ කතාව කියන්න ඇත්තේ ලෝක ශූරයින් වුණු සතුට වගේම ඒ වෙනුවෙන් ආපු දුෂ්කර ගමන ගැන හැමෝම දැගන්න ඕනි නිසා වෙන්න ඇති.

මේ තමයි ඔහුගේ කතාව...

මුලින්ම මම දෙවියන්ට ස්තූතිවන්න වෙනවා, ඒ වගේම අපිට කවුරුත් අවස්ථාවක් දුන්නේ නෑ, ඒත් එක එක කෙනා ටීම් එකේ වගකීම කරට අරන් ඒ දවසේ සෙල්ලම් කළා, මිනිස්සු පුදුම වුනා අපි මේ තරඟාවලිය සෙල්ලම් කරනවා දැක්කම, මොකද අපිට ප්‍රශ්න ගොඩක් තිබුණා, අපේ ක්‍රිකට් බෝඩ් එක අපිට හරියට සැලකුවේ නෑ, ඒ වගේම සමහරු කීවා අපේ ටීම් එක මොලෝ නැති 15ක් ඉන්න ටීම් එකක් කියලා, මේ වගේ දේවල් එක්ක අපේ කොල්ලෝ 15 දෙනා සෙල්ලම් කරපු එකට මම ස්තූතිවන්න වෙනවා..

ඒ වගේම මම පෞද්ගලිකවම ස්තූතිවන්න වෙනවා අපේ පුහුණුකරුට වගේම කාර්ය මණ්ඩලයට..  ඒ වගේම අපිට අලුතින් කළමණාකරුවෙක් ටීම් එකට හම්බවුණා, ඔහු මෙහෙට එනකොට අපිට මැච් එකට අඳින්න ඇඳුමක්වත් තිබුණේ නෑ, ඒවා මුද්‍රණය කරලා තිබුණෙත් නෑ..  ඔහු තමයි මේ හැමදේම අපිට කරලා දුන්නේ.. ඔහු කල්කටා වලින් ඒ ඇඳුම් ප්‍රින්ට් කරගෙන ආවා. එතනින් තමයි ඔහු පටන් ගත්තේ.

ඒ වගේම අන්තිමට කියන්න ඕනි, කොදෙව් රටේ ඉඳන් අපිට E mail එවලා කෝල් කරලා අපිව දිරිගන්වපු හැමෝටම ස්තූතියි, ඒ වගේම Keith Mitchell අගමැතිතුමා  Grenada රටේ.  ඔහු අද උදේ එවපු E mail එකෙන් ටීම් එකේ හැමෝම දිරිමත් වුණා. ඒ වගේ මේල් එකක් අපේ ක්‍රිකට් බෝඩ් එකෙන්වත් අපිට හම්බවෙලා නෑ.

දැන් මම අපේ ටීම් එකේ කොල්ලෝ එක්ක මේ ජයග්‍රහණය සමරනවා.

සමහර විට මම මේ කොල්ලෝ එක්ක ආයේ සෙල්ලම් කරන්නේ නැතිවෙයි.

මොකද අපිව එක්දින තරඟවලට තේරීම් කමිටුව තෝරලා නැති නිසා.

අන්තිමට හැමෝම දන්නවා කොදෙව්වෝ තමයි ලෝක ශුරයෝ කියලා.






 



පිතිකරුවන්ට සිදුවන වාසියක් ගැන ඉර්ෆාන් පතාන් කියයි
Monday, 25 May 2020 - 13:46

මිනිස් ඛේඨය උපයෝගී කරගනිමින් පන්දුව ඔප දැමීමට නොහැකි ආකාරයට... Read More

තව්ෆීක් උමාර්ට කොරෝනා
Monday, 25 May 2020 - 7:31

පාකිස්තාන ක්‍රිකට් පිළේ හිටපු ආරම්භක පිතිකරු තව්ෆීක් උමාර්ට... Read More

විස්සයි විස්ස ලෝක කුසලානය ඔක්තෝම්බරයේ නොපැවැත්වෙන ලකුණු
Sunday, 24 May 2020 - 19:27

කල් දමන ලද විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය මේ වසරේ ඔක්තෝම්බර්,... Read More