ඉන්දීය කන්ඩායමට ඩ්‍රාවිඩ් කැඳවයි

Monday, 04 April 2016 - 13:58

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B6%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BA%E0%B6%B8%E0%B6%A7+%E0%B6%A9%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B7%80%E0%B7%92%E0%B6%A9%E0%B7%8A+%E0%B6%9A%E0%B7%90%E0%B6%B3%E0%B7%80%E0%B6%BA%E0%B7%92
ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක රාහුල් ඩ්‍රාවිඩ් පත් කිරීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර තිබෙනවා.

ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ ඩන්කන් ප්ලෙචර් ගේ කොන්ත්‍රාත් කාලය පසුගිය වසරෙන් අවසන් වුණා.

ඒ අනුව සචින් තෙන්ඩුල්කාර්, සව්රොව් ගංගුලි සහ වී වී  එස් ලක්ෂ්මන් යන ත්‍රිපුද්ගල කමිටුව විසින් ඩ‍්‍රාවිඞ්ගේ නම ප්‍රධාන පුහුණුකරු ධුරයට යෝජනා කර තිබෙනවා.

මේ අතර විස්සයි විස්ස ලෝක කුසලානය ජයගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් බටහිර ඉන්දීය කොදෙව් නායක ඩැරන් සැමී කියා සිටියේ තම කණ්ඩායම තරඟය ජයගත්තේ අර්බුද රැසක් මැද බවයි.

කොදෙව් ක්‍රිකට් පාලක මණ්ඩලය සහ කණ්ඩායම සමඟ පැවති අර්බුදය පිළිබඳවද මෙහිදී කොදෙව් නායකයා සිහිපත් කළා.

එවැනි අර්බුද මධ්‍යයේ වුවත් කණ්ඩායමක් ලෙස තමන්ගේ පිරිස එක්ව ක්‍රීඩා කළේ කැරිබියන් ප්‍රේක්ෂකයන් වෙනුවෙන් බවද ඔහු මෙහිදී පෙන්වා දුන්නා.
 



එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම අයර්ලන්තය සමඟ තරඟාවලියකට සූදානමින්
Tuesday, 14 July 2020 - 21:22

බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව මේ වනවිට පැවැත්වෙන... Read More

හිතවතුන් වෙනුවෙන් තීන්දු වෙනස් කළ බවට දයාසිරිට සහ හරින්ට චෝදනා (වීඩියෝ)
Tuesday, 14 July 2020 - 15:06

ශ්‍රී ලංකා කායවර්ධන හා ශාරීරික යෝග්‍යතා සම්මේලනයේ නිලවරණය... Read More

IPL ප්‍රධාන මෙහෙයුම් නිලධාරී හේමන්ග් අමින්ට, ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලොකු පුටුවක්
Tuesday, 14 July 2020 - 13:57

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ප්‍රධාන මෙහෙයුම්... Read More