ICC යට කෝලි හොඳ වෙයි

Tuesday, 05 April 2016 - 13:26

ICC+%E0%B6%BA%E0%B6%A7+%E0%B6%9A%E0%B7%9D%E0%B6%BD%E0%B7%92+%E0%B7%84%E0%B7%9C%E0%B6%B3+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ICC විස්සයි විස්ස කණ්ඩායම ඊයේ නම් කෙරුණු අතර එහි නායකත්වය විරාත් කෝලිට හිමිව තිබෙනවා.

ඉන්දීය පිලේ අශීස් නේරා ද කණ්ඩායමට ඇතුළත් වන අතර, එංගලන්ත ක්‍රීඩකයන් 4 දෙනෙකු සහ කොදෙව් ක්‍රීඩකයන් දෙදෙනෙකු ඊට ඇතුළත්.

ඊට අමතරව, දකුණු අප්‍රිකාව,  ඕස්ට්‍රේලියාව , නවසීලන්තය සහ බංග්ලාදේශය නියෝජනය කරන ක්‍රීඩකයෙකු බැගින් ICC විස්සයි විස්ස කණ්ඩායමට ඇතුළත් වන අතර ඊට කිසිදු ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙකු නම් කර නැහැ.

මේ අතර විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියෙන් පසු නිකුත් කෙරුණු ICC ශ්‍රේණිගත කිරීම්වලට අනුව, ඉන්දියාව කණ්ඩායම් දර්ශකයේ ප්‍රමුඛස්ථානය හිමිකරගෙන ඇති අතර, පිතිකරු දශකයේ මුල්තැන හිමිව ඇත්තේ ද විරාත් කෝලිටයි.

ඉන්දියාව අවසන් පූර්ව තරඟයේදී පරාජය කොට, අවසන් තරඟයේදී එංගලන්තය පරදවා දෙවන වරටත් විස්සයි විස්ස ලෝක කුසලානය දිනූ බටහිර ඉන්දීය කොදෙව් පිලට කණ්ඩායම් දර්ශකයේ දෙවන ස්ථානය හිමිව තිබෙනවා.

ඉන්දියාව සහ කොදෙව් පිල අතර ඇත්තේ එක් ප්‍රසාද ලකුණක වෙනසක්.

නවසීලන්තය දර්ශකයේ තුන්වන තැන හිමිකරගෙන තිබෙනවා.

පන්දු යවන්නන්ගේ දර්ශකයේ ප්‍රථම ස්ථානය කොදෙව් පිලේ සැමුවෙල් බද්‍රීට හිමිව ඇති අතර, තුන් ඉරියව්වෙන්ම දස්කම් දක්වන ක්‍රීඩකයන් අතර ප්‍රමුඛස්ථානය හිමිව ඇත්තේ තරඟාවලියෙන් පසු විශ්‍රාම ගත් ෂේන් වොට්සන්ටයි.

අයි.සී.සී විස්සයි විස්ස දර්ශකයේ ප්‍රමුඛස්ථානය හිමිකරගෙන සිටි ශ්‍රී ලංකාවට දැන් හිමිව ඇත්තේ අට වන ස්ථානයයි.

 



කොදෙව් ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ වැටුප් සහ දීමනා කැපේ
Monday, 01 June 2020 - 14:11

ක්‍රීඩකයින්ගේ සහ කාර්ය මණ්ඩල නිලධාරීන්ගේ වැටුප් සහ අරමුදල්... Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුවීම් අද සිට අරඹයි
Monday, 01 June 2020 - 7:44

කොරෝනා වෛරසයේ බලපෑම හේතුවෙන් මාස 3කට ආසන්න කාලයක් නවතා දමා... Read More

රජිව් ගාන්ධි ඛෙල් - රත්න සම්මානයට රෝහිත් ෂර්මා
Sunday, 31 May 2020 - 13:31

විශිෂ්ඨ ක්‍රීඩක ක්‍රීඩිකාවන් උදෙසා ඉන්දියාව පිරිනමන ඉහළම... Read More