කොදෙව් ශූරයන්ට ක්‍රීඩා ඇමතිගෙන් සුබ පැතුම්

Tuesday, 05 April 2016 - 15:30

%E0%B6%9A%E0%B7%9C%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B7%8A+%E0%B7%81%E0%B7%96%E0%B6%BB%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%A9%E0%B7%8F+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%94%E0%B6%B6+%E0%B6%B4%E0%B7%90%E0%B6%AD%E0%B7%94%E0%B6%B8%E0%B7%8A
ලෝක කුසලාන 20 යි 20 තරගාවලියෙන් ජයග්‍රහණය කල කොදෙව් කාන්තා සහ පිරිමි කණ්ඩායම්වලට ජැමෙයිකා ක්‍රීඩා අමාත්‍යවරිය වන ඔලිවියා ගේ‍්‍රන්ජ් සුබ පැතුම් එක්කර තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් ඇය සඳහන් කර ඇත්තේ 20 යි 20 ලෝක ශූරයන් වු කොදෙව් කණ්ඩායම සැබවින්ම ශූරයන් බවයි.

පෙරේදා පැවති අවසන් මහා තරගය ජයග්‍රහණයත් සමග ඔවුන් 20 යි 20 ලෝක කුසලානයක් ජයග්‍රහණය කල ලොව එකම කණ්ඩායම බවට පත්වුනා.

එමෙන්ම 19 පහළ ලෝක කුසලානය හිමිකර ගත්තේ ද කොදෙව් කණ්ඩායමයි.

එමෙන්ම කොදෙව් කාන්තා කණ්ඩායම ලෝක කුසලානයක් ජයග්‍රහණය කල පළමු අවස්ථාව ද මෙය වනවා.  

ජැමෙයිකා ක්‍රීඩා අමාත්‍යවරිය පෙන්වා දෙන්නේ මෙය කාන්තා කණ්ඩායම තැබු යෝධ ඉදිරි පියවරක් බවයි.

මෙම ඉතිහාසගත අවස්ථාව පිළිබඳ සැබවින්ම ඉතා සතුටට පත්වන බව ද ඇය සඳහන් කර තිබෙනවා.

ඉරිදා පැවති අවසන් මහා තරගයේ අවසන් පන්දු වාරයේදී ලකුණු 19 ක් ලබා ගැනීමට ඉතිරිව තිබියදී තමා දැඩි කම්පනයකට පත්ව සිටි බවයි ක්‍රීඩා අමාත්‍යවරිය සඳහන් කර ඇත්තේ.

එම අවස්ථාවේදී කාර්ලොස් බ්‍රැත්වෙයිට්ගේ හයේ පහර 4 කිසි විටක අමතක කල නොහැකි බව ද ජැමෙයිකා ක්‍රීඩා අමාත්‍යවරිය ප්‍රකාශකර තිබෙනවා.

කණ්ඩායමට අනුග්‍රහය දැක්වු පිරිස්වලට මෙන්ම ක්‍රිකට් පාලක මණ්ඩලයට ද සිය ස්තුතිය පිරිනමන බවයි ජැමෙයිකා ක්‍රීඩා අමාත්‍ය ඔලිවියා ගේ‍්‍රන්ජ් වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.



කොදෙව් ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ වැටුප් සහ දීමනා කැපේ
Monday, 01 June 2020 - 14:11

ක්‍රීඩකයින්ගේ සහ කාර්ය මණ්ඩල නිලධාරීන්ගේ වැටුප් සහ අරමුදල්... Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුවීම් අද සිට අරඹයි
Monday, 01 June 2020 - 7:44

කොරෝනා වෛරසයේ බලපෑම හේතුවෙන් මාස 3කට ආසන්න කාලයක් නවතා දමා... Read More

රජිව් ගාන්ධි ඛෙල් - රත්න සම්මානයට රෝහිත් ෂර්මා
Sunday, 31 May 2020 - 13:31

විශිෂ්ඨ ක්‍රීඩක ක්‍රීඩිකාවන් උදෙසා ඉන්දියාව පිරිනමන ඉහළම... Read More