මාර්ක් නිකලස් කොදෙව්වන්ගෙන් සමාව ඉල්ලයි

Tuesday, 05 April 2016 - 16:23

%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B6%9A%E0%B6%BD%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B7%8A%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B7%8F%E0%B7%80+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92
ක්‍රිකට් විස්තර විචාරකයකු වන මාර්ක් නිකලස් බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් නායක ඩැරන් සැමීගෙන් සහ කණ්ඩායමේ සියලු සාමාජිකයන්ගෙන් සමාව ඉල්ලා තිබෙනවා.

ඒ ඔහු පසුගියදා කොදෙව් කණ්ඩායම සම්බන්ධයෙන් කල ප්‍රකාශයකටයි.

මාර්ක් නිකලස් පසුගියදා ප්‍රකාශකර තිබුනේ කොදෙව් ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයන්ට මොළයක් නොමැති බවයි.

අවසන් මහා තරගය ජයග්‍රහණයෙන් පසු නායක ඩැරන් සැමී මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් ද අදහස් පළකලා.

ඔහු කියාසිටියේ එම ප්‍රකාශය සම්බන්ධයෙන් තමා ඉතා කණගාටුවට පත්වන බවයි.

එම ප්‍රකාශය කිසිසේත් අනුමත කල නොහැකි බව ද ඩැරන් සැමී ප්‍රකාශ කලා.

මේ සම්බන්ධයෙන් ක්‍රික් ඉන්ෆෝ වෙබ් අඩවියට ප්‍රකාශයක් ලබාදෙමින් මාර්ක් නිකලස් සඳහන් කලේ තමා සිදුකල අදාළ ප්‍රකාශය පිළිබඳ කොදෙව් කණ්ඩායමෙන් සමාව ඉල්ලා සිටින බවයි.

කෙසේවෙතත් තමා අදහස් කරනු ලැබුවේ කොදෙව්වන් මොළයක් නොමැති පිරිසක් ලෙස නොවන අතර තමාගේ ප්‍රකාශය කිසියම් අයෙකු වැරදි ලෙස උපුටා දක්වා ඇති බව ද ඔහු සඳහන් කර තිබෙනවා.



ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුවීම් අද සිට අරඹයි
Monday, 01 June 2020 - 7:44

කොරෝනා වෛරසයේ බලපෑම හේතුවෙන් මාස 3කට ආසන්න කාලයක් නවතා දමා... Read More

රජිව් ගාන්ධි ඛෙල් - රත්න සම්මානයට රෝහිත් ෂර්මා
Sunday, 31 May 2020 - 13:31

විශිෂ්ඨ ක්‍රීඩක ක්‍රීඩිකාවන් උදෙසා ඉන්දියාව පිරිනමන ඉහළම... Read More

ක්‍රිකට් තරගවලට අතිරේක ක්‍රීඩකයින් වැඩිවන ලකුණු
Sunday, 31 May 2020 - 8:50

කොවිඩ් 19 ගෝලීය වසංගතය නිසා නතරවී ඇති ජාත්‍යන්තර ක්‍රිකට්... Read More