විස්සයි විස්ස තරඟාවලියට එක්වන කණ්ඩායම් සංඛ්‍යාව වැඩි කෙරේ

Thursday, 07 April 2016 - 12:59

%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B6%BA%E0%B7%92+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%83+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9F%E0%B7%8F%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B6%B1+%E0%B6%9A%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BA%E0%B6%B8%E0%B7%8A+%E0%B7%83%E0%B6%82%E0%B6%9B%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%92+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A
ඉදිරියේදී පැවැත්වීමට නියමිත විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලි සඳහා සහභාගි වන කණ්ඩායම් සංඛ්‍යාව වැඩි කිරීම කෙරෙහි අවධානය යොමුව ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ප්‍රධාන විධායක නිලධාරී ඩේවිඩ්  රිචඩ්සන් පවසනවා.

සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් ඔහු කියා සිටියේ මෙම තරඟාවලිය ප්‍රේක්ෂකයන් අතර ජනප්‍රිය වීම ඊට හේතුව බවයි.

ඒ අනුව සුපිරි වටයේ කණ්ඩායම් 10 ක් වෙනුවට කණ්ඩායම් 12 ක් ඉදිරියේදී මෙම තරඟාවලියට එක්වනු ඇති.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ප්‍රධාන විධායක නිලධාරීවරයා සඳහන් කළේ දැනට මෙම තරඟාවලියේදී එක් කණ්ඩායමක් තරඟයකින් පරාජයට පත්වුවහොත් මුළු තරඟාවලියෙන්ම ඉවත්වීමට සිදුවන බවයි.

එහෙත් ඉදිරියේදී ලෝක කුසලාන තරඟාවලියට එක්වන කණ්ඩායම් සංඛ්‍යාව වැඩිකිරීම මගින් එක් පිලකට තරඟ දෙකක් පරාජය වුවද එහි රැඳී සිටීමට හැකියාව පවතිනවා.



රජිව් ගාන්ධි ඛෙල් - රත්න සම්මානයට රෝහිත් ෂර්මා
Sunday, 31 May 2020 - 13:31

විශිෂ්ඨ ක්‍රීඩක ක්‍රීඩිකාවන් උදෙසා ඉන්දියාව පිරිනමන ඉහළම... Read More

ක්‍රිකට් තරගවලට අතිරේක ක්‍රීඩකයින් වැඩිවන ලකුණු
Sunday, 31 May 2020 - 8:50

කොවිඩ් 19 ගෝලීය වසංගතය නිසා නතරවී ඇති ජාත්‍යන්තර ක්‍රිකට්... Read More

විරාට් කෝලි ඉහළ වැටුප් ලබන ක්‍රීඩකයන් අතරට
Saturday, 30 May 2020 - 18:51

ෆෝබ්ස් ශ්‍රේණිගත කිරීම් අනුව, 2020 වසරේ ලොව ඉහළම වැටුප් ලබන ක්‍රීඩක... Read More