ඔස්ට්‍රේලියාවට එරෙහි පළමු ටෙස්ට් තරගය ගාල්ලෙන් ඉවත් කරපු හේතුව මෙන්න

Thursday, 07 April 2016 - 15:16

%E0%B6%94%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92+%E0%B6%B4%E0%B7%85%E0%B6%B8%E0%B7%94+%E0%B6%A7%E0%B7%99%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C%E0%B6%BA+%E0%B6%9C%E0%B7%8F%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B4%E0%B7%94+%E0%B7%84%E0%B7%9A%E0%B6%AD%E0%B7%94%E0%B7%80+%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1
වසර 5 කට පසුව ශ්‍රී ලංකාවේ තරග සංචාරයකට එක්වන ඔස්ට්‍රේලියාව සහ ලංකාව අතර පැවැත්වෙන තරග කාලසටහන ප්‍රසිද්ධියට පත්කර තිබෙනවා.

ඒ අනුව දෙරට අතර ටෙස්ට් තරග 3 ක් එක්දින තරග 5 ක් සහ 20 යි 20 තරග 2 ක් පැවැත්වීමට නියමිතයි.

පල්ලෙකැලේ / ගාල්ල / දඹුල්ල සහ කොළඹදී මෙම තරග පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ.

පළමු ටෙස්ට් තරගය ජුලි 26 වනදා පල්ලෙකැලේදී ආරම්භ වනවා.

අගෝස්තු මුල් සතියේදී මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය පැවැත්වීම හේතුවෙන්  පළමු තරගය පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.

සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවේදී ආරම්භ වන ටෙස්ට් තරගාවලියක පළමු තරගය පැවැත්වෙන්නේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ වුව ද තරග කටයුතුවලින් පෙරහැරට බාධාවක් ඇති වීම වැලැක්වීම සඳහායි පළමු තරගය පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ පැවැත්වීමට තීරණය වී ඇත්තේ.  

පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයෙන් අනතුරුව අනෙක් තරග දෙක කොළඹදී සහ ගාල්ලේදී පැවැත්වෙනු ඇති.

කෙසේවෙතත් මෙම තරගාවලියේදී හම්බන්තොට ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ කිසිදු තරගයක් පැවැත්වීමට සැලසුම් කර නැහැ.  

ඔස්ට්‍රේලියා කණ්ඩායම 2011 වසරේදී අවසන් වරට ශ්‍රී ලංකාවේ සංචාරයකට එක්වී ඇති අතර එහිදී පැවති ටෙස්ට් තරගාවලිය ඔවුන් 1 ට බින්දුවක් ලෙස ජයග්‍රහණය කලා.

ඔස්ට්‍රේලියාව ශ්‍රී ලංකාවේදී ටෙස්ට් තරග 13 කට සහභාගී වී ඇති අතර ඉන් 6 ක් ජයග්‍රහණය කර තිබෙනවා.

ඔවුන් ශ්‍රී ලංකාව හමුවේ පරාජය වී ඇත්තේ 1999 වසරේදී පැවති එක් ටෙස්ට් තරගයකින් පමණයි.



කොරෝනා නිසා වැසුණු ක්‍රීඩාවට යළි පණ එයි
Wednesday, 27 May 2020 - 8:16

කොරෝනා වෛරසය හේතුවෙන් අතරමග නතරවු මෙරට ක්‍රීඩා ක්‍ෂේත්‍රය... Read More

ජාතික ක්‍රිකට් කණ්ඩායමේ සියලුදෙනා වෛද්‍ය පරීක්ෂණයකට
Tuesday, 26 May 2020 - 20:13

ඉදිරියේදී ජාතික කණ්ඩායමේ ක්‍රිකට් ක්‍රීඩකයන් සියලූදෙනා... Read More

නතර වූ ක්‍රිකට් තරඟ යළි ඇරඹුම, කොදෙව් පිළේ එංගලන්ත චාරිකාවෙන්
Tuesday, 26 May 2020 - 8:24

කොවිඩ් 19 ගෝලීය වසංගතය නිසා නතර වූ ජාත්‍යන්තර ක්‍රිකට් තරඟ... Read More