සුනිල් නරීන්ට සුභ ආරංචියක්

Friday, 08 April 2016 - 12:51

%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B1%E0%B6%BB%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B7%83%E0%B7%94%E0%B6%B7+%E0%B6%86%E0%B6%BB%E0%B6%82%E0%B6%A0%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක සුනිල් නරීන්ගේ පන්දු යැවීමේ ඉරියව්ව නිවැරදි බවට අන්තර්ජාතික ක්‍රිකට් සම්මේලනයෙන් තීන්දුවක් ලබා දී තිබෙනවා.

ශ්‍රී ලංකාවේ පැවති එක්දින තරගාවලියේදී සුනිල් නරීන්ගේ පන්දු යැවීම නීතිවිරෝධී බවට චෝදනා එල්ල වූ අතර ඒ අනුව පසුගිය නොවැම්බරයේ සිට ඔහු ජාත්‍යන්තර ක්‍රිකට් තරග සදහා සහභාගි වූයේ නැහැ.

ඉන් පසුව ඔහු පන්දු යැවීමේ ඉරියව්ව නිවැරදි කිරීමේ ක්‍රියාවලියකට යොමු කිරීමට ද ජාත්‍යන්තර සම්මේලනය පියවර ගත්තා.

ඒ අනුවයි දැන් ඔහුගේ ඉරියව්ව නිවැරදි බවට තීරණයක් ලබාදී ඇත්තේ.

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය හෙට ආරම්භ වන අතර ඒ අනුව සුනිල් නරීන්ට සිය අයි.පී.එල් කණ්ඩායම වන කොල්කටා නයිට් රයිඩර්ස් පිල වෙනුවෙන් ක්‍රීඩා කිරීමට හැකිවනු ඇති.

 


කොරෝනා නිසා වැසුණු ක්‍රීඩාවට යළි පණ එයි
Wednesday, 27 May 2020 - 8:16

කොරෝනා වෛරසය හේතුවෙන් අතරමග නතරවු මෙරට ක්‍රීඩා ක්‍ෂේත්‍රය... Read More

ජාතික ක්‍රිකට් කණ්ඩායමේ සියලුදෙනා වෛද්‍ය පරීක්ෂණයකට
Tuesday, 26 May 2020 - 20:13

ඉදිරියේදී ජාතික කණ්ඩායමේ ක්‍රිකට් ක්‍රීඩකයන් සියලූදෙනා... Read More

නතර වූ ක්‍රිකට් තරඟ යළි ඇරඹුම, කොදෙව් පිළේ එංගලන්ත චාරිකාවෙන්
Tuesday, 26 May 2020 - 8:24

කොවිඩ් 19 ගෝලීය වසංගතය නිසා නතර වූ ජාත්‍යන්තර ක්‍රිකට් තරඟ... Read More