ප්‍රබල කොදෙව් ක්‍රීඩකයකු අයි පී එල් තරගාවලියෙන් ඉවතට

Thursday, 14 April 2016 - 14:31

%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B6%E0%B6%BD+%E0%B6%9A%E0%B7%9C%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%A9%E0%B6%9A%E0%B6%BA%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%BA%E0%B7%92+%E0%B6%B4%E0%B7%93+%E0%B6%91%E0%B6%BD%E0%B7%8A+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C%E0%B7%8F%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B6%A7
බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක ලෙන්ඩි සිමන්ස් අයි පී එල් තරගාවලියෙන් ඉවත්කර තිබෙනවා.

ඒ ඔහුගේ දණහිසේ ආබාධයක් හේතුවෙන්.

අයි පී එල් තරගාවලියේදී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම නියෝජනය කරන ලෙන්ඩි සිමන්ස් එම කණ්ඩායමේ ආරම්භක පිතිකරුවා ද වනවා.

ඔහු වෙනුවෙන් නවසීලන්ත පිතිකරු මාටින් ගප්ටිල් කණ්ඩායමට නම්කර ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කලේ.

20 යි 20 ලෝක කුසලාන තරගාවලියේ පළමු තරග කිහිපයකින් ද ලෙන්ඩි සිමන්ස් ඉවත්කර තිබුනේ දණහිසේ ආබාධය හමුවේයි.

එහෙත් ඔන්ඩි‍්‍ර ෆ්ලෙචර්ගේ ආබාධයක් හේතුවෙන් ලෙන්ඩි සිමන්ස් යළි කණ්ඩායමට කැඳවා තිබුනා.

එලෙස පැමිණි කොදෙව් පිතිකරුවා ඉන්දියාවට එරෙහිව පැවති අවසන් පුර්ව තරගයේදී පන්දු 51 කින් නොදැවී ලකුණු 82 ක් ද රැස්කර ගැනීමට සමත්වුනා.

2015 වසරේ අයි පී එල් තරගාවලියේදී ද මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම නියෝජනය කල දක්ෂ පිතිකරුවකු ලෙසටයි ලෙන්ඩි සිමන්ස් සැලකෙන්නේ.

ඔහු වෙනුවෙන් කණ්ඩායමට කැඳවා ඇති මාටින් ගප්ටිල් මෙවර අයි පී එල් වෙන්දේසියේදී කිසිදු කණ්ඩායමක් විසින් හෝ තෝරාගෙන තිබුනේ නැහැ.



දකුණු අප්‍රිකානු ක්‍රිකට් ක්‍රීඩකයන් ඉදිරි සතියේ පුහුණුවීම් අරඹයි
Tuesday, 02 June 2020 - 14:08

rnrnrnරජයේ අනුමැතියට යටත්ව දකුණු අප්‍රිකානු ජාතික ක්‍රිකට්... Read More

ඕස්ට්‍රේලියානු ක්‍රීඩක ස්ටීවන්ගේ බලාපොරොත්තුව
Tuesday, 02 June 2020 - 8:12

විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලිය ලබන වසරට කල් දමනු ලැබුවහොත්... Read More

කොදෙව් ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ වැටුප් සහ දීමනා කැපේ
Monday, 01 June 2020 - 14:11

ක්‍රීඩකයින්ගේ සහ කාර්ය මණ්ඩල නිලධාරීන්ගේ වැටුප් සහ අරමුදල්... Read More