හොංකොං ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක ඉර්ෆාන් අහමඞ්ට වසර දෙකහමාරක තරග තහනමක් පනවා තිබෙනවා.
ඒ මුදලට තරග පාවාදීම් සම්බන්ධයෙන් තමන්ට ලැබුණු ආරාධනා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට නොදැන්වීම හේතුවෙන්.
2012, 2014 වසරවල මුදලට තරග පාවාදීමට මොහුට විවිධ කණ්ඩායම් බලපෑම් කර තිබෙනවා.
එහෙත් ඒ පිළිබදව ඉර්ෆාන් අහමඞ් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට පැමිණිලි කර නැහැ.