ඉන්දියාවට අයි පී එල් අහිමි වෙයි

Friday, 22 April 2016 - 12:17

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%85%E0%B6%BA%E0%B7%92+%E0%B6%B4%E0%B7%93+%E0%B6%91%E0%B6%BD%E0%B7%8A+%E0%B6%85%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ඉන්දියාව තුළ විවිධ මතභේදයන්ට ලක්වූ අයි පී එල් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය ලබන වසරේදී විදේශ රටක පැවැත්වීම පිළිබදව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ අවධානය යොමුවී තිබෙනවා.

කෙසේ නමුත් එය ක්‍රීඩාංගන සොයා ගැනීමේ හැකියාව සහ පවතින වාතාවරණය මත රදා පවතිනු ඇති බවයි ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම් අනුරංග් ඨාකූර් ප්‍රකාශ කළේ.

දිල්ලි නුවර ඉන්දීය පාලක මණ්ඩල මූලස්ථානයේ ඊයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියා.

දැනට පවතින නියං කාලගුණික තත්ත්වය හේතුවෙන් මුම්බායි ඇතුලත් මහාරාෂ්ඨ ප්‍රාන්තයේ අයි පී එල් තරග පැවැත්වීම ගැටලූවක් බවට පත්වූයේ ඊට එරෙහිව අධිකරණ නියෝගයක් ද නිකුත් කිරීමෙන් අනතුරුවයි.

මීට පෙර 2009 වසරේ අයි පී එල් තරගාවලිය දකුණු අප්‍රිකාවේදී පවත්වනු ලැබූ අතර 2014 තරගාවලියේ පළමු දින 15 එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වුණේ ඉන්දියාවේ මහමැතිවරණ පැවැත්වීම හේතුවෙන්.