රංගන හේරත්ට ඉලක්කයක්

Sunday, 24 April 2016 - 12:42

%E0%B6%BB%E0%B6%82%E0%B6%9C%E0%B6%B1+%E0%B7%84%E0%B7%9A%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A%E0%B6%A7+%E0%B6%89%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් කඩුලූ 300 ක් දවාලීම තමාගේ ආසන්නතම ඉලක්කය වන අතර ඉන්පසු ක්‍රිකට් ක්‍රීඩාවේ ඉදිරි ඉලක්කයක් නොමැති බව දග පන්දු යවන ක්‍රීඩක රංගන හේරත් පවසනවා.

රංගන පසුගියදා එක්දින සහ විස්සයි විස්ස ජාත්‍යන්තර තරගවලින් සමුගත් අතර, තවදුරටත් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වන බවයි එහිදී ප්‍රකාශ කළේ.

ඉදිරි ටෙස්ට් තරග 10 ශ්‍රී ලංකාව වෙනුවෙන් තරග කොට ඉදිරි අනාගතය පිළිබදව තීරණයකට එළඹෙන බව ක්‍රික් ඉන්ෆෝ වෙබ් අඩවිය සමග සම්මුඛ සාකච්ඡාවකට සහභාගි වෙමින් රංගන හේරත් ප්‍රකාශ කළා.

ශ්‍රී ලංකාව වෙනුවෙන් මේ වනවිට ටෙස්ට් කඩුලූ 300 සීමාව පසුකර ඇත්තේ මුත්තයියා මුරලිදරන් සහ චමින්ද වාස් පමණයි.

රංගන හේරත්ට එම සීමාවට ළගාවීමට තවත් කඩුලූ 3 ක් අවශ්‍යය වනවා.