මැටි වැඩ උඩ නඩාල් කළ දේ සම වූ හැටි

Tuesday, 26 April 2016 - 11:28

%E0%B6%B8%E0%B7%90%E0%B6%A7%E0%B7%92+%E0%B7%80%E0%B7%90%E0%B6%A9+%E0%B6%8B%E0%B6%A9+%E0%B6%B1%E0%B6%A9%E0%B7%8F%E0%B6%BD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%85+%E0%B6%AF%E0%B7%9A+%E0%B7%83%E0%B6%B8+%E0%B7%80%E0%B7%96+%E0%B7%84%E0%B7%90%E0%B6%A7%E0%B7%92
බාසිලෝනා විවෘත ටෙනිස් තරගාවලියේ ශූරතාව දිනා ගන්නට ස්පාඤ්ඤයේ රෆායල් නඩාල් සමත් වුණාග ඒ අවසන් තරගයේදී ජපානයේ කෙයි නිෂිකොරි තරග වට 2 – 0 ක් ලෙස පරාජය කරමින්.

නඩාල් බාසිලෝනා ටෙනිස් ශූරතාව දිනූ 9 වන අවස්ථාව ද මෙයයි ටෙනිස් පිටියේ ක්ලේ කෝර්ට්  රජු ලෙස සැලකෙන නඩාල් මෙම ශූරතාව දිනා ගැනීමත් සමග ලොව වැඩිම ක්ලේ කෝර්ට් ටෙනිස් ශූරතාවන් සංඛ්‍යාවක් දිනා ඇති ආර්ජන්ටිනාවේ ගුලියර්මෝ විලාස්ගේ වාර්තාව ද සම කරනු ලැබුවා

නඩාල් සහ ගුලියමෝ මේ වනවිට මැටි සහිත ක්‍රීඩා පිටිවල පැවැති ටෙනිස් තරගාවලි 49 බැගින් ජයගෙන තිබෙනවා.