පසුගිය විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ ජයග්‍රාහී කොදෙව් පිළේ ඇතැම් ක්‍රීඩකයන්ගේ හැසිරීම පිළිගත නොහැකි යැයි ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනය ප්‍රකාශ කළා.
කොල්කටා නුවර පැවැති අවසන් තරඟයේදී එංගලන්ත පිළ පරදවා තියුණු ජයග්‍රහණයක් අත්කර ගත් කොදෙව් පිළේ නායකයා කොදෙව් ක්‍රිකට් පාලක මණ්ඩලය විවේචනයට ලක් කිරීම පිළිබඳවයි ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනය උදහසට පත්වී ඇත්තේ.
කොදෙව් පිළේ ජයග්‍රහණය සඳහා පාලක මණ්ඩලයේ දායකත්වයක් නොතිබූ බවට කොදෙව් නායක ඩැරන් සැමී ප්‍රකාශ කළේ මිලියන සංඛ්‍යාත ක්‍රීඩාලෝලීන් රූපවාහිනී සේවා ඔස්සේ අවසන් තරඟය නරඹද්දීයි.
කෙසේ නමුත්, ඊයේ රැස්වූ ICC පාලක මණ්ඩලය ප්‍රකාශ කළේ කොදෙව් පිළේ ක්‍රීඩකයන්ගේ එම හැසිරීම ක්‍රිකට් ක්‍රීඩාවේ මහත්මාගුණයට හානියක් බවයි.
ලෝක මට්ටමේ තරගාවලියකදී ක්‍රීඩකයන්ගෙන් එවැනි හැසිරීමක් බලාපොරොත්තු විය නොහැකි බව ICC සභාපති ශශාන්ක් මනෝහර් ප්‍රකාශ කළා.