ස්මිත් ට ස්මිත් යට වූ හැටි මෙන්න

Saturday, 30 April 2016 - 9:33

%E0%B7%83%E0%B7%8A%E0%B6%B8%E0%B7%92%E0%B6%AD%E0%B7%8A+%E0%B6%A7++%E0%B7%83%E0%B7%8A%E0%B6%B8%E0%B7%92%E0%B6%AD%E0%B7%8A+%E0%B6%BA%E0%B6%A7+%E0%B7%80%E0%B7%96+%E0%B7%84%E0%B7%90%E0%B6%A7%E0%B7%92+%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේ ඊයේ පැවැති තරඟයකදී පූනේ පිළ පරදවා කඩුලු 3ක ජයක් ලැබීමට  ගුජරාට් ලයන්ස් කණ්ඩායම සමත් වුණා.

පළමුවෙන් පන්දුවට පහර දුන් පූනේ පිළ සිය පන්දු වාර 20 තුළ දී කඩුලූ 3ක් දැවී ලකුණු 195ක් රැස් කළා.

ස්ටීවන් ස්මිත් එහිදී ලකුණු 101ක් ලබා ගත්තේ පන්දු 54කට මුහුණ දෙමින්.

පිළිතුරු වශයෙන් ගුජරාට් පිළ සිය පන්දු වාර 20 තුළ දී කඩුලූ 7ක් දැවී ලකුණු 196ක් ලබමින් තරඟයේ ජය හිමි කර ගත්තා.

ඩ්වේන් ස්මිත් ලකුණු 63ක් රැස් කල අතර, බ්‍රෙන්ඩන් මැකලම් ලකුණු 43ක් ලබා ගත්තා.

අවසන් පන්දු වාරය ඇතුළු සිය පන්දු වාර 4 තුළ දී තිසර පෙරේරා ලකුණු 41කට කඩුලු 2ක් බිද හෙලුවා.

ගුජරාට් පිළ සිය ජයග්‍රහණය වාර්තා කළේ අවසන් පන්දු වාරයේ අවසන් පන්දුවේදියි.

තරඟයේ විශේෂ අවස්ථා පහතින්.


\"\" \"\"