IPL තවත් තරඟ දෙකක් නිමවෙයි

Monday, 02 May 2016 - 7:58

IPL+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9F+%E0%B6%AF%E0%B7%99%E0%B6%9A%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B6%B8%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියට අදාළව ඊයේ තරඟ දෙකක් නිමාවට පත්වුණා. පළමු තරඟය පැවැත්වුණේ ගුජරාට් ලයන්ස් කණ්ඩායම සහ කිංග්ස් ඉලෙවන් පන්ජාබ් කණ්ඩායම අතරයි.

එහිදී ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් කිංග්ස් ඉලෙවන් කණ්ඩායම පන්දු වාර 19 යි පන්දු 5 ක් තුළදී සියල්ලන් දැවී ලකුණු 154 ක් රැස් කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ගුජරාට් ලයන්ස් කණ්ඩායමට රැස් කරගත හැකිවූයේ නියමිත පන්දු වාර විස්ස අවසානයේ කඩුලූ 9 ක් දැවී ලකුණු 131 ක් පමණයි.

මේ අතර ඊයේ දිනයට අදාළව නිමාවට පත්වූ අනෙක් තරඟය වූයේ රයිස් ඉන් පූනේ කණ්ඩායම සහ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම අතරයි.

එම තරඟයෙන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම කඩුලූ 8 කින් තරඟය ජයග්‍රහණය කළා.