පළමු ටෙස්ට් තරඟය ධම්මිකට අහිමි වෙයි

Monday, 16 May 2016 - 14:32

%E0%B6%B4%E0%B7%85%E0%B6%B8%E0%B7%94+%E0%B6%A7%E0%B7%99%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9F%E0%B6%BA+%E0%B6%B0%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B7%92%E0%B6%9A%E0%B6%A7+%E0%B6%85%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ලීඞ්ස්හි පැවැත්වෙන පළමු ටෙස්ට් තරඟය සඳහා වේග පන්දු යවන ක්‍රීඩක ධම්මික ප්‍රසාද් සහභාගි නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ග්‍රැහැම් ෆෝඞ් ප්‍රකාශ කළා.

එසෙක්ස් කණ්ඩායම සමඟ පැවැති පුහුණු තරඟයේදී ඔහු උරහිසේ ආබාධයකට ලක්වීම ඊට හේතුවයි.

මේ අතර ලෙස්ටර්ෂෙයර් කණ්ඩායම සහ ශ්‍රී ලංකා පිළ අතර පැවැති තුන්දින පුහුණු තරඟය ඊයේ ජය පරාජයෙන් තොරව අවසන් වුණා.

තරඟයේ අවසන් දිනය වූ ඊයේ දිනය නිමා වන විට දෙවන ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලූ 4ක් දැවී ලකුණු 200ක් ලබා ගත්තා.

එහිදී දිමුත් කරුණාරත්න ශතකයක් රැස් කිරීම ද විශේෂත්වයක්.