IPL අවසන් තරඟය අතරතුර ක්‍රීඩාංගනය අවට සුවිශේෂ දෙයක් වෙයි

Sunday, 29 May 2016 - 15:08

IPL+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9F%E0%B6%BA+%E0%B6%85%E0%B6%AD%E0%B6%BB%E0%B6%AD%E0%B7%94%E0%B6%BB+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%A9%E0%B7%8F%E0%B6%82%E0%B6%9C%E0%B6%B1%E0%B6%BA+%E0%B6%85%E0%B7%80%E0%B6%A7+%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82+%E0%B6%AF%E0%B7%99%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ඉන්දියාවේ බැංගලෝර් නුවර චින්නස්වාමි ක්‍රීඩාංගනයේ අද පැවැත්වෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරඟය නිසා දැඩි ආරක්ෂාවක් යෙදවීමට පියවර ගෙන තිබෙනවා.

ඒ සඳහා පොලිස් භටයන් දහසකට වැඩි සංඛ්‍යාවක් සහ ආරක්ෂිත කැමරා 120 ක් යොදා ගැනෙන බවයි ඉන්දීය මාධ්‍ය සඳහන් කළේ.

මීට අමතරව, ක්‍රීඩාංගනය අවට මාර්ගවල මුර සංචාර රථ රැසක් ද යොදවා ඇත්තේ කිසියම් කඩා කප්පල්කාරි සිදුවීමක් ඇතිවීම වළක්වාලීමටයි.

සියලුම නරඹන්නන් ලෝහමය සංවේදී ග්‍රාහක මගින් පරීක්ෂා කිරීමෙන් අනතුරුවයි ක්‍රීඩාංගනයට ඇතුළත් කෙරෙන්නේ.

සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් භටයන් ද ක්‍රීඩාගාරවලට යොදවන අතර, ගිලන් රථ සහ ගිනි නිවන රථ ද හදිසි අවස්ථාවකට මුහුණදීම සඳහා සූදානම් කර තිබෙනවා.

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේ අවසන් මහා තරඟයට සුදුසුකම් ලබා ඇත්තේ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් පිල සහ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමයි.