ඉන්දීය කණ්ඩායමේ මීළග නායකයා ගැන ඉගියක්

Tuesday, 31 May 2016 - 10:31

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B6%9A%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BA%E0%B6%B8%E0%B7%99%E0%B7%8A+%E0%B6%B8%E0%B7%93%E0%B7%85%E0%B6%9C+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%BA%E0%B7%8F+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%89%E0%B6%9C%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ මීළග නායකයා ලෙස කණ්ඩායම මෙහෙයවීමට විරාත් කෝලි සුදානමින් පසුවන බව ඉන්දීය කණ්ඩායමේ හිටපු කළමණාකරුවකු මෙන්ම තුන් ඉරියව් ක්‍රීඩකයකු වු රවි ශාස්ත්‍රී පවසනවා.

මහේන්ද‍්‍ර සිං ධෝනිගෙන් කණ්ඩායමේ නායකත්වය භාර ගැනීමට කෝලි සුදානම් බවයි ඔහු පෙන්වා දෙන්නේ.

මහේන්ද‍්‍ර සිං ධෝනි ටෙස්ට් ක්‍රිකට් දිවියෙන් විශ්‍රාම ගැනීමෙන් පසු ටෙස්ට් ක්‍රිකට් නායකයා ලෙසට කෝලි කටයුතු කරනවා.

එහෙත් තවමත් එක්දින සහ 20 යි 20 කණ්ඩායම් මෙහෙයවනු ලබන්නේ ධෝනි විසිනුයි.

තමා කණ්ඩායම් තේරීම්  කමිටුවේ සිටියේ නම් මේවන විටත් කෝලි කණ්ඩායම් නායකයා ලෙසට පත්කර අවසන් බව ද රවි ශාස්ත්‍රී ප්‍රකාශකර තිබෙනවා.