3 වන ටෙස්ට් තරඟයට චමින්ද බණ්ඩාර කැඳවයි

Thursday, 02 June 2016 - 19:14

3+%E0%B7%80%E0%B6%B1+%E0%B6%A7%E0%B7%99%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9F%E0%B6%BA%E0%B6%A7+%E0%B6%A0%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B6%B6%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BB+%E0%B6%9A%E0%B7%90%E0%B6%B3%E0%B7%80%E0%B6%BA%E0%B7%92
එංගලන්තය සමග ලෝඩ්ස් ක්‍රීඩාංගනයේ ජුනි 9 වනදා ඇරඹෙන 3 වන සහ අවසාන ටෙස්ට් තරගය සදහා ශ්‍රී ලංකා සංචිතයට නවක ක්‍රීඩක චමින්ද බණ්ඩාර කැදවා තිබෙනවා.

ඔහු කායික ආබාධයකට ලක්වූ දුෂ්මන්ත චමීර වෙනුවට කණ්ඩායමට එක්වනු ඇති.

කායික ආබාධයකට ලක්වූ තවත් ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු වෙනුවට ධම්මික ප්‍රසාද් වෙනුවට කණ්ඩායමට එක්වන කුසල් පෙරේරා සමග චමින්ද බණ්ඩාර එංගලන්තය බලා යනු ඇති.

මේ අතර, පළමු ටෙස්ට් තරගයේදී පන්දු යැවීමේ ඉරියව්ව සැකයට භාජනය වුව ද වේග පන්දු යවන ක්‍රීඩක ශමින්ද එරංගට ඔහුගේ පරීක්ෂාවේ ප්‍රතිඵල ලැබෙනතුරු තුන්වන ටෙස්ට් තරගය සදහා සහභාගි විය හැකි බව ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනය සහතික කර තිබෙනවා.

අදාළ පරීක්ෂණය ජුනි 6 වනදා පැවැත්වීමට නියමිතයි.