එංගලන්තය පූර්ණ ජයග්‍රහණයක් අපේක්ෂාවෙන්

Sunday, 05 June 2016 - 13:12

%E0%B6%91%E0%B6%82%E0%B6%9C%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA+%E0%B6%B4%E0%B7%96%E0%B6%BB%E0%B7%8A%E0%B6%AB+%E0%B6%A2%E0%B6%BA%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%B4%E0%B7%9A%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A
ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේ පූර්ණ ජයග්‍රහණයක් අපේක්ෂාවෙන් එංගලන්තය ලබන බ්‍රහස්පතින්දා ලෝඩ්ස් පිටියට පිවිසෙන බව එංගලන්ත මාධ්‍ය සදහන් කළා.

මේ වනවිටත් ඔවුන් තරඟාවලිය දෙකට බින්දුවක් ලෙස ජයගෙන අවසන්.

කෙසේ නමුත්, තුන්වන ටෙස්ට් තරගය පැවැත්වෙන ලෝඩ්ස් ක්‍රීඩාංගනය ශ්‍රී ලාංකික පිතිකරුවන්ට වාසිදායක තණතිල්ලක් බවයි මෙරට ක්‍රිකට් විචාරකයන් පෙන්වා දෙන්නේ.

ශ්‍රී ලංකා පිලට පළමු ටෙස්ට් තරග දෙකට මුහුණදීමට සිදුවූයේ ලන්ඩනයට උතුරින් පිහිටි ශීත කාලගුණයක් සහිත හෙඩින්ලි සහ ඩර්හැම් ප්‍රදේශවලදීයි.

මේ අනුව, ලෝඩ්ස් ටෙස්ට් තරගය, තරගාවලියේ අවසන් තරගය ලෙස යොදවා ඇත්තේ උපක්‍රමශීලිව බව ඇතමුන්ගේ අදහසයි.

2014 වසරේදී ශ්‍රී ලංකාව එංගලන්තයට එරෙහිව ප්‍රථම ටෙස්ට් තරගාවලි ජයග්‍රහණය වාර්තා කළේ ලෝඩ්ස් පිටියේ ප්‍රථම තරගයට මුහුණදෙමින්.

මීට පෙර ශ්‍රී ලංකා ක්‍රීඩකයන් රැසක් ලෝඩ්ස් පිටියේදී ශතක රැස් කරගෙන තිබෙනවා.

1984 වසරේදී සිදත් වෙත්තමුණි ලබා ගත් ලකුණු 190 සහ තිලකරත්න දිල්ෂාන් 2011 වසරේදී ලැබූ ලකුණු 193 මෙන්ම, 2014 වසරේදී සංගක්කාර සහ මැතිව්ස් ලබා ගත් ශතක ද ඒ අතුරින් කැපී පෙනෙනවා.