ශ්‍රී ලංකා කණ්ඩායමේ පරාජයට හේතු වූ දේ දිමුත් හෙළිකරයි

Tuesday, 07 June 2016 - 13:15

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%9A%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BA%E0%B6%B8%E0%B7%9A+%E0%B6%B4%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B6%BA%E0%B6%A7+%E0%B7%84%E0%B7%9A%E0%B6%AD%E0%B7%94+%E0%B7%80%E0%B7%96+%E0%B6%AF%E0%B7%9A+%E0%B6%AF%E0%B7%92%E0%B6%B8%E0%B7%94%E0%B6%AD%E0%B7%8A+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
එංගලන්තය සමඟ පැවැත්වෙන ටෙස්ට් තරගාවලියට පෙර ශ්‍රී ලංකාවට ලබාදුන් පුහුණු තරඟවල ප්‍රතිවාදීන් ප්‍රමාණවත් කුසලතා මට්ටමකින් තොර ක්‍රීඩකයන්ගෙන් සමන්විත වූ බව ශ්‍රී ලංකා පිතිකරු දිමුත් කරුණාරත්න පවසනවා.

ක්‍රීඩා වෙබ් අඩවියක් සමඟ සාකච්ඡාවකට සහභාගි වෙමින් ඔහු සදහන් කළේ තියුණු ටෙස්ට් තරගාවලියකට පෙර ශක්තිමත් කණ්ඩායම් සමඟ පෙරහුරු තරඟවල යෙදිය යුතු බවයි.

එහෙත් ශ්‍රී ලංකාවේ පුහුණු තරඟ සඳහා ලබාදුන් එසෙක්ස් සහ ලෙස්ටර්ෂෙයර් කණ්ඩායම් දෙකම එංගලන්ත ප්‍රාන්ත තරගාවලියේ දෙවන පෙළ කණ්ඩායම්.

මෙවර එංගලන්ත පිළේ ශක්තිමත්ම අංශය වන්නේ වේග පන්දු යැවීමයි.

එහෙත් පෙරහුරු තරඟ සදහා ලබාදුන් කණ්ඩායම් ප්‍රබල වේග පන්දු යවන්නන්ගෙන් සමන්විත නොවීම ද ශ්‍රී ලංකා කණ්ඩායමට අවාසිදායක වූ බව දිමුත් කරුණානායගේ අදහසයි.

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර තුන්වන ටෙස්ට් තරඟය අනිද්දා ලෝඞ්ස් ක්‍රීඩාංගණයේදී ආරම්භ වනවා.