තුන්වන ටෙස්ට් තරගයට යන ශ්‍රී ලංකා කණ්ඩායම මෙන්න

Thursday, 09 June 2016 - 15:18

%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B6%B1+%E0%B6%A7%E0%B7%99%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C%E0%B6%BA%E0%B6%A7+%E0%B6%BA%E0%B6%B1+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%9A%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BA%E0%B6%B8+%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්තය අතර තුන්වන සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය තවත් සුලු වේලාවකින් ලෝඩ්ස් ක්‍රීඩාංගණයේදී ආරම්භ වනවා.

තරගයේ කාසියේ වාසිය දිනු එංගලන්තයයි පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කර ඇත්තේ.

මෙම ටෙස්ට් තරගාවලියේ පළමු තරග 2 ජයගත් එංගලන්තය මේවනවිට තරගාවලියේ ජය ද හිමිකරගෙන තිබෙනවා.

අද තරගයට එක්වන ශ්‍රී ලංකා කණ්ඩායමට දිමුත් කරුණාරත්න / කෞෂාල් සිල්වා / කුසල් මෙන්ඩිස් / දිනේෂ් චන්දිමාල් / ඇන්ජෙලෝ මැතිව්ස් සහ ලහිරු තිරිමාන්න ඇතුලත්.

ඊට අමතරව කුසල් පෙරේරා / රංගන හේරත් / සුරංග ලක්මාල් / ශමින් ද එරංග සහ නුවන් ප්‍රදීප් ද අද කණ්ඩායමට නම්කර තිබෙනවා.

මෙරට වේලාවෙන් පස්වරු 3.30 ට තරගය ආරම්භ වීමට නියමිතයි.