එංගලන්තයේ ඉල්ලීම බංග්ලාදේශය ඉවත දමයි

Monday, 11 July 2016 - 14:29

%E0%B6%91%E0%B6%82%E0%B6%9C%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA%E0%B7%9A+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%93%E0%B6%B8+%E0%B6%B6%E0%B6%82%E0%B6%9C%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%BA+%E0%B6%89%E0%B7%80%E0%B6%AD+%E0%B6%AF%E0%B6%B8%E0%B6%BA%E0%B7%92
බංග්ලාදේශය සමඟ එළඹෙන ඔක්තොම්බර් මාසයේ පැවැත්වීමට නියමිතව තිබූ ක්‍රිකට් තරඟය වෙනත් රටක් පවත්වන ලෙස එංගලන්තය කරනු ලැබූ ඉල්ලීම බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය ප්‍රතික්ෂේප කර තිබෙනවා.

එහි ප්‍රධාන විධායක නිලධාරී නසමුඞීන් චෞද්‍රි කියා සිටියේ මෙම තරඟාවලිය බංග්ලාදේශය තුලම පැවැත්විය යුතු බවයි.

පසුගියදා බංග්ලාදේශයේ අවහන්හලකට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයත් සමඟ මෙම තරඟාවලිය වෙනත් රටක පවත්වන ලෙස එංගලන්ත එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායක ඊයන් මෝගන් ඉල්ලීමක් කළා.

ඊට ප්‍රතිචාර දක්වමිනුයි බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය ඔවුන්ගේ තීරණය ප්‍රකාශයට පත් කර ඇත්තේ.