ඇදවැටුනත් ජයග්‍රහණය වෙනුවෙන් නායකයා නැගී සිටි හැටි

Tuesday, 12 July 2016 - 10:10

%E0%B6%87%E0%B6%AF%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%94%E0%B6%B1%E0%B6%AD%E0%B7%8A+%E0%B6%A2%E0%B6%BA%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B6%AB%E0%B6%BA+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%BA%E0%B7%8F+%E0%B6%B1%E0%B7%90%E0%B6%9C%E0%B7%93+%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92+%E0%B7%84%E0%B7%90%E0%B6%A7%E0%B7%92
යුරෝපා කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් තරගය පැවැත්වුණේ පෘතුගාලය සහ සත් කාරක ප්‍රංශ කණ්ඩායම අතරයි.

ප්‍රංශයේ පැරිස් නුවර පැවැති මේ තරගයේ පළමු අර්ධයේදී පෘතුගාල නායක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ආබාධයකට ලක්වුණා.

කෙසේ වෙතත්, ඔහුගේ ඉවත් වීමෙන් නිසි ප්‍රයෝජන ගන්නට ප්‍රංශයට හැකි වුණේ නැහැ.

තරගයේ නියමිත කාලය අවසන් වනවිටත් ලකුණු තත්ත්වය දැක්වුණේ ගෝල 0 – 0 ක් ලෙසින්.

මේ අනුව විනිසුරුවන් ලබාදුන් අතිරේක කාලයේ පළමු අර්ධයත් ගෝල නොමැතිව අවසන් වුණා.

අතිරේක කාලයේ දෙවන අර්ධය තුළ විශිෂ්ට ගණයේ ගෝලයක් වාර්තා කළ පෘතුගාල ආදේශ ක්‍රීඩක ඊඩර් තම කණ්ඩායම ජයග්‍රහණය වෙත ගෙන ගියා.

පෘතුගාලය ප්‍රධාන පාපන්දු තරගාවලියක ශූරතාව දිනාගත් පළමු අවස්ථාව මෙයයි.

රොනාල්ඩෝ තමන්ට ක්‍රීඩාංගණය තුළ සිටිමින් කණ්ඩායමට ලබාදීමට නොහැකි වූ දායකත්වය සීමා ඉරෙන් එපිට සිට ලබා දුන් ආකාරය වෙත බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වූවා.

එම අවස්තාව පහතින්.