එක්දිනට විස්සයි විස්සට ඉන්න ටේලර් ටෙස්ට් වලට නැති වෙයි

Tuesday, 12 July 2016 - 13:44

%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B6%A7+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B6%BA%E0%B7%92+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B6%A7+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%A7%E0%B7%9A%E0%B6%BD%E0%B6%BB%E0%B7%8A+%E0%B6%A7%E0%B7%99%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A+%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B6%B1%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
බටහිර ඉන්දීය කොදෙව් පිළේ වේග පන්දු යවන ක්‍රීඩක ජෙරොම් ටේලර් ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් සමුගෙන තිබෙනවා.

කෙසේ නමුත්, තවදුරටත් එක්දින සහ විස්සයි විස්ස තරඟ සඳහා සහභාගිවීමට අපේක්ෂා කරන බවයි ඔහු සදහන් කළේ.

ජෙරොම් ටේලර් සිය ජාත්‍යන්තර ක්‍රිකට් දිවිය ආරම්භ කළේ 2003 වසරේ ශ්‍රී ලංකාවට එරෙහිවයි.

ඔහු ටෙස්ට් තරඟ 46කදී ලබාගෙන ඇති කඩුලු සංඛ්‍යාව 130ක්.