මධ්‍යස්ථ පිටියේ ජනපති කිරුළ කාගේද ?

Wednesday, 13 July 2016 - 10:10

%E0%B6%B8%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%83%E0%B7%8A%E0%B6%AE+%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B7%85+%E0%B6%9A%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A%E0%B6%AF+%3F
අන්තර් පාසල් පිළිමළුන් පිටු දැකීමේ රග්බි තරගාවලියේ ජනාධිපති කුසලානය සදහා වන අවසන් මහා තරගය අද පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.

ඒ, කොළඹ ඉසිපතන හා රාජකීය විදුහල් අතරයි.

මේ තරගය පසුගිය ඉරිදා පැවැත්වීමට නියමිතව තිබුණේ රාජකීය විදුහල් රග්බි ක්‍රීඩාංගණයේදී.

කෙසේ වෙතත්,  අවසන් තරගය මධ්‍යස්ථ ක්‍රීඩාංගණයක පැවැත්විය යුතු බවට ඉසිපතන කණ්ඩායම කළ ඉල්ලීමකට අනුව තරගය පැවැත්වෙන ස්ථානය වෙනස් කරන්නට පාසල් රග්බි බලධාරීන්ට සිදුවුණා.
 
ඒ අනුව, අද පස්වරු 4.15 ට ජනාධිපති කුසලාන අවසන් මහා තරගය පැවැත්වෙන්නේ කොළඹ තුරග තරග රග්බි පිටියේදී.