පාකිස්ථානයට යන විදෙස් ක්‍රිකට් කණ්ඩායම්වලට වෙඩි නොවදින බස් රථ

Friday, 15 July 2016 - 12:58

%E0%B6%B4%E0%B7%8F%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%BA%E0%B6%B1+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%99%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%9A%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BA%E0%B6%B8%E0%B7%8A%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B7%80%E0%B7%99%E0%B6%A9%E0%B7%92+%E0%B6%B1%E0%B7%9C%E0%B7%80%E0%B6%AF%E0%B7%92%E0%B6%B1+%E0%B6%B6%E0%B7%83%E0%B7%8A+%E0%B6%BB%E0%B6%AE
සිය රටේ සංචාරයන්හි නිරතවන විදේශීය කණ්ඩායම්වලට ආරක්ෂාව සැලසීම සදහා පාකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය වෙඩි නොවදින  බස් රථ 4 ක් මිලදී ගෙන තිබෙනවා.

2009 වසරේ මාර්තු මාසයේ ලාහෝර් නුවරදී ශ්‍රී ලංකා ක්‍රිකට් පිලට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමෙන් පසු ප්‍රධාන පෙලේ විදේශීය කණ්ඩායම් එරට තරගාවලි සදහා සහභාගි වී නැහැ.

2015 වසරේ සිම්බාබ්වේ පිල එක්දින තරගාවලියකට පමණක් පැමිණියා.

මේ නිසා පාකිස්ථානයට සිය සත්කාරකත්වය සහිත තරගාවලි එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වීමට සිදුවී තිබෙනවා.

පාකිස්ථාන  ක්‍රිකට් පාලක මණ්ඩල ප්‍රකාශකයෙකු සදහන් කළේ දන් බොහෝ ජාත්‍යන්තර කණ්ඩායම් පාකිස්ථානයේ සංචාරය සදහා කැමැත්තක් දක්වන බැවින් ඔවුන්ට උපරිම ආරක්ෂාව සැලසීමට කටයුතු කරන බවයි.