වයස්ගතම ශතකය ලබාගෙන තරුණකම පෙන්වූ හැටි

Friday, 15 July 2016 - 14:44

%E0%B7%80%E0%B6%BA%E0%B7%83%E0%B7%8A%E0%B6%9C%E0%B6%AD%E0%B6%B8+%E0%B7%81%E0%B6%AD%E0%B6%9A%E0%B6%BA+%E0%B6%BD%E0%B6%B6%E0%B7%8F%E0%B6%9C%E0%B7%99%E0%B6%B1+%E0%B6%AD%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B6%9A%E0%B6%B8+%E0%B6%B4%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B7%96+%E0%B7%84%E0%B7%90%E0%B6%A7%E0%B7%92
සංචාරක පාකිස්ථාන කණ්ඩායම සහ එංගලන්තය අතර පළමු ටෙස්ට් තරගය ලෝඩ්ස් ක්‍රීඩාංගනයේදී ඊයේ (14) ආරම්භ වුණා.

කාසියේ වාසිය දිනූ පාකිස්ථානය පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර, දිනය අවසනදී කඩුලු 6 ක් දැවී ලකුණු 282 ක් ලබා සිටියා.

මෙම තරඟයේදී වැඩි දෙනෙකුගේ අවධානය යොමු වූයේ පකිස්ථානු ටෙස්ට් නායක මිස්බා උල්හක් වෙතටයි.

ඒ ලොව වයස්ගතම ක්‍රීඩකයකු ලබා ගත් හයවන ටෙස්ට් ශතකය ඊයේ මිස්බා විසින් ලබා ගැනීම හේතුවෙන්.

මේ වන විට හතලිස් දෙහැවිරිදි වියේ පසුවන මිස්බාගේ 10 වන ටෙස්ට් ශතකයද මෙයයි.

එහිදී නායක මිස්බා උල්හක් හතරේ පහර 18ක් සමඟ පන්දු 178කදී නොදැවී ලකුණු 110 ක් ලබා ගත්තා.

මීට පෙර එම වාර්තාවට හිමි වුයේ ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයෙකුටයි.