ඔලිම්පික් උළෙලට පෙර බ්‍රසීලය ආරක්ෂක තත්ත්වය ඇගයීමට ලක් කරයි

Saturday, 16 July 2016 - 11:21

%E0%B6%94%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%92%E0%B6%9A%E0%B7%8A+%E0%B6%8B%E0%B7%85%E0%B7%99%E0%B6%BD%E0%B6%A7+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB+%E0%B6%B6%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B7%93%E0%B6%BD%E0%B6%BA+%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A+%E0%B6%AD%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA+%E0%B6%87%E0%B6%9C%E0%B6%BA%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
ලබන මස ආරම්භවීමට නියමිත ඔලිම්පික් උළෙලට පෙර ආරක්ෂක තත්ත්වය පිළිබද පූර්ණ ඇගයීමක් සිදුකිරීමට බ්‍රසීලය තීරණය කර තිබෙනවා.

පුද්ගලයන් 84 දෙනෙකු මරුමුවට පත් කරමින් ප්‍රංශයේ නීස් නුවරට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් අනතුරුවයි බ්‍රසීල රජය එම පියවර ගෙන ඇත්තේ.

ඔලිම්පික් උළෙල සඳහා විදේශීය සංචාරකයන් පන්ලක්ෂයක් පමණ බ්‍රසීලයට පැමිනෙනු ඇතැයි අපේක්ෂා කරන අතර, ඔවුන්ට ආරක්ෂාව තහවුරු කිරීම මෙලෙස ආරක්ෂක තත්ත්වය ඇගයීමේ අරමුණයි.

ඔලිම්පික් උළෙලේ ප්‍රධාන දිනවලදී බ්‍රසීලයේ ජාතික නිවාඩු දින ප්‍රකාශයට පත් කර ඇති අතර, රියෝ ඩි ජැනයිරෝ අගනුවර ඇතැම් ස්ථානවල ට්‍රක් රථ රදවා තැබීම තහනම් කර තිබෙනවා.