ශ්‍රී ලංකා දෙවන පෙළ 229යි

Tuesday, 19 July 2016 - 8:22

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B6%B1+%E0%B6%B4%E0%B7%99%E0%B7%85+229%E0%B6%BA%E0%B7%92
සංචාරක  ඕස්ට්‍රේලියානු පිළ සහ ශ්‍රී ලංකා ක්‍රිකට් දෙවන පෙළ කණ්ඩායම අතර තුන්දින පුහුණු තරඟය කොළඹ පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී ඊයේ ආරම්භ වුණා.

එහිදී කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිළ මුල් ඉනිම සඳහා සියලූ ක්‍රීඩකයන් දැවී ලබා ගත්තේ ලකුණු 229ක් පමණයි.

අසේල ගුණරත්න එහිදී ලකුණු 58ක් රැස් කළ අතර, නායක මිලින්ද සිරිවර්ධන ලකුණු 53ක් රැස් කළා.

චතුරංග ද සිල්වා ලකුණු 49යි.  

ඕස්ට්‍රේලියානු පිළ ඊයේ දිනය නිමා වන විට සිය මුල් ඉනිම සඳහා එක් කඩුල්ලක් දැවී ලකුණු 127ක් ලබා සිටියා.

ජෝ බර්න්ස් නොදැවී ලකුණු 64යි.

\"\"