ඔලිම්පික් යන ශ්‍රී ලංකා කණ්ඩායම මෙන්න

Wednesday, 20 July 2016 - 8:40

%E0%B6%94%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%92%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BA%E0%B6%B1+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%9A%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BA%E0%B6%B8+%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1
මෙවර ඔලිම්පික් තරඟාවලිය නියෝජනය කරන ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස මැරතන් ධාවනශූර අනුරාධ ඉන්ද්‍රජිත් කුරේ පත්කර ඇති බව ජාතික ඔලිම්පික් කමිටුව ප්‍රකාශ කළා.  

බ්‍රසීලයේ රියෝ ද ජැනෙයිරෝ හිදී ආරම්භ වන ඔලිම්පික් තරඟාවලිය සඳහා ගීතානි රාජසේකර කාන්තා මැරතන් ඉසව්ව සඳහාත්, සුමේධ රණසිංහ හෙල්ල විසිකිරීමේ ඉසව් සඳහාත් තරඟ වදින අතර, බැඞ්මින්ටන් කේවල ඉසව්වෙන් තරඟ වදින්නේ නිලූක කරුණාරත්නයි.

ජූඩෝ තරඟ සඳහා චාමර ධර්මවර්ධනසුදේශ් පීරිස් බර ඉසිලීමේ ඉසව්ව ද නියෝජනය කරනවා.

මැතිව් අබේසිංහ සහ කිමිකෝ රහීම් පිහිනුම් ක්‍රීඩාවෙන් ඔලිම්පික් සඳහා සුදුසුකම් ලබා ඇති අතර, මංගල සමරකෝන් ඉලක්කයට වෙඩි තැබීමේ ඉසව්ව සඳහා තරඟ වදිනු ඇති.