Update: රියෝ ඔලිම්පික් උළලෙන් රුසියාවට තහනමක්

Thursday, 21 July 2016 - 13:11

Update%3A+%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%9D+%E0%B6%94%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%92%E0%B6%9A%E0%B7%8A+%E0%B6%8B%E0%B7%85%E0%B6%BD%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B7%94%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%AD%E0%B7%84%E0%B6%B1%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
බ්‍රසීලයේ රියෝ ද ජැනෙයිරෝ හිදී ආරම්භවීමට නියමිත ඔලිම්පික් තරගාවලියේදී රුසියානු මළල ක්‍රීඩා කණ්ඩායමට තහනමක් පනවා  තිබෙනවා.

ඒ අනුව, තරගාවලියේ මළල ක්‍රීඩා ඉසව්  සදහා සහභාගි වීමට රුසියාවට හැකියාවක් ලැබෙන්නේ නැහැ.

ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව විසින් අදාළ තහනම පනවා ඇති බව සදහන්.

රාජ්‍ය අනුග්‍රහයෙන් ක්‍රීඩකයන් තහනම් උත්තේජක භාවිතයට පොළඹවන බවට රුසියාවට චෝදනා එල්ල වුණා.

ඒ චෝදනා මතයි අදාළ තීරණය ගෙන ඇත්තේ.

Thursday, July 21, 2016 : 7.22
.................................................................

බ්‍රසීලයේ රියෝ ද ජැනෙයිරෝ හිදී ආරම්භ වීමට නියමිත ඔලිම්පික් තරගාවලියට රුසියාව  සහභාගි කර ගන්නවා ද නැද්ද යන්න පිළිබඳව මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව පවසනවා.

එහි විධායක කමිටුව රැස්වී සාකච්ඡා කිරීමෙන් අනතුරුව එළඹෙන සතියේදී මේ පිළිබඳ අවසන් තීරණය ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.  

රාජ්‍ය අනුග්‍රහයෙන් ක්‍රීඩකයන් තහනම් උත්තේජක භාවිතයට පොළඹවන බවට රුසියාවට චෝදනා එල්ල වුණා.

එම තත්ත්වය මතයි ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව රුසියාව ඔලිම්පික් තරගාවලියට සහභාගි කර ගන්නවා ද නැද්ද යන්න පිළිබදව තීරණයක් ගැනීමට සූදානම් වන්නේ.

තහනම් උත්තේජක චෝදනාව මත ජාත්‍යන්තර මළල ක්‍රීඩා සම්මේලනය පසුගිය සතියේදී රුසියාවට එරෙහිව ලබන නොවැම්බරයේ සිට බලපැවැත්වෙන පරිදි තහනමක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.