ඔලිම්පික් උළලේ ත්‍රස්ත ප්‍රහාරවලට සැරසුණු 10 ක් අල්ලයි

Friday, 22 July 2016 - 8:16

%E0%B6%94%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%92%E0%B6%9A%E0%B7%8A+%E0%B6%8B%E0%B7%85%E0%B6%BD%E0%B7%9A+%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B7%8A%E0%B6%AD+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B7%83%E0%B7%90%E0%B6%BB%E0%B7%83%E0%B7%94%E0%B6%AB%E0%B7%94+10+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92
ලබන මස ආරම්භ වන ගිම්හාන ඔලිම්පික් සැණකෙළියේදී ත්‍රස්ත ප්‍රහාර සිදුකිරීමට සැලසුම් කර කල්ලියක සාමාජිකයන් 10 දෙනෙකු බ්‍රසීල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් අයි.එස්. සංවිධානයේ සාමාජිකයන් නොවන නමුදු එම සංවිධානය ඇමතීමට උත්සාහ කර ඇති බවයි අනාවරණ වී ඇත්තේ.

ප්‍රහාරවලට සැරසුණු මෙම කණ්ඩායම පොලිසියේ පූර්ව ආරක්ෂණ වැඩපිළිවෙල යටතේ අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව බ්‍රසීල අධිකරණ අමාත්‍යවරයා සදහන් කළා.

ඔවුන් සියලූදෙනාම බ්‍රසීල ජාතිකයන් වන අතර, තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට නියමිත බවයි ඔහු කියා සිටියේ.

යාබද පැරගුවේ රාජ්‍යයෙන් මොවුන් ඒ කේ 47 වර්ගයේ ප්‍රහාරක තුවක්කු ගෙන ඒමට උත්සාහ කර ඇති අතර ඒවා බ්‍රසීලයට රැගෙන ආවේ ද යන්න මෙතෙක් පැහැදිලි නැහැ.

අගෝස්තු 21 වනදා ආරම්භ වන ගිම්හාන ඔලිම්පික් සැණකෙළිය වෙනුවෙන් රියෝද ජනැයිරෝ නුවර වීථිවල මුර සංචාර සදහා පොලිස් සහ හමුදා සෙබලූන් 80,000 ක් යෙදවීමට පියවර ගෙන තිබෙනවා.