එංගලන්තයෙන් පාකිස්ථානයට අභියෝගයක්

Sunday, 24 July 2016 - 9:11

%E0%B6%91%E0%B6%82%E0%B6%9C%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8F%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%85%E0%B6%B7%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%9C%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
සංචාරක පාකිස්ථාන පිල සමඟ මැන්චෙස්ටර් හිදී පැවැත්වෙන දෙවන ටෙස්ට් තරඟයේ දෙවන දිනය වූ ඊයේ එංගලන්තය සිය මුල් ඉනිම සඳහා කඩුලූ 8 ක් දැවී ලකුණු 589 ක් රැස් කරගෙන පන්දුවට පහරදීම අත්හිටුවනු ලැබුවා.

ජෝ රූට් එහිදී ලකුණු 254 ක් ලබාගත් අතර, නායක ඇලෙස්ටෙයාර් කුක් ලකුණු 105 ක් රැස් කළා.

ඊට අමතරව ජොනී බෙයාර්ස්ටෝ සහ ක්‍රිස් වෝක්ස් අර්ධ ශතක රැස් කිරීමට සමත්වුණා.

ඊයේ දිනය නිමාවනවිට පාකිස්තාන පිල කඩුලු හතරක් දැවී ලබා සිටියේ ලකුණු 57 ක් පමණයි.

ක්‍රිස් වෝක්ස් ලකුණු 18 කට කඩුලූ තුනක් බිඳ හෙලූවා.