සිව් හැවිරිදි පිතිකරුවාගේ පුදුම හිතෙන හැකියාව

Sunday, 24 July 2016 - 14:06

%E0%B7%83%E0%B7%92%E0%B7%80%E0%B7%8A+%E0%B7%84%E0%B7%90%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%AF%E0%B7%92+%E0%B6%B4%E0%B7%92%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%94%E0%B6%B8+%E0%B7%84%E0%B7%92%E0%B6%AD%E0%B7%99%E0%B6%B1+%E0%B7%84%E0%B7%90%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80
ඉන්දියාව තුළ ක්‍රිකට් ක්‍රීඩාවට හිමිවන්නේ සුවිශේෂ ස්ථානයක්.

ඉන්දියාවේ ලොකු කුඩා සැවොම ක්‍රිකට් ක්‍රීඩාවට බෙහෙවින් ආදරය කරන බව නොරහසක්.

ඒ අනුව ඉන්දීය පාසල් ක්‍රිකට් ක්‍රීඩාවටද සුවිශේෂ තැනක් හිමි වන අතර දිල්ලි හමිඩාර්ඩ් පාසලක ක්‍රිකට් වලට සුවිශේෂ දක්ෂතාවක් ඇති කුඩා සිසුවෙකු පිලිබඳ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ඔහු නමින් ශ්‍යාන් ජමාල් වන අතර ඔහුගේ සුවිශේෂත්වය වන්නේ පාසල් කණ්ඩායම නියෝජනය කරන ඔහුගේ වයස අවුරුදු හතරක් වීමයි.

සියල්ලන් මවිත කරමින් ඔහු පිත්ත හසුරුවන්නේ පළපුරුදු ක්‍රීඩකයෙකු මෙනි.

මේ හේතුවෙනුයි එම සිසුවා පාසලේ වයස අවුරුදු 12න් පහළ කණ්ඩායමටද තේරී පත් වී ඇත්තේ.

ශ්‍යාන් ජමාල් නම් වූ එම කුඩා දරුවාගේ ඒකායන බලාපොරොත්තුව වී ඇත්තේ කෙදිනක හෝ ජාතික කණ්ඩායමට එක් වී කෝලි වැනි සුපිරි පිතිකරුවෙකු වීම බවයි ඔහු ප්‍රකාශ කරන්නේ.

ජමාල්ගේ අපූරු පිතිකරණ හැකියාව පහතින් නරඹන්න.