ප්‍රථම තරඟයට පෙර පුහුණුකරුවන්ගේ වගකීමක් මැතිව්ස් හෙළිකරයි

Tuesday, 26 July 2016 - 8:37

%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AE%E0%B6%B8+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9F%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB+%E0%B6%B4%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AB%E0%B7%94%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B7%80%E0%B6%9C%E0%B6%9A%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B7%8A%E0%B7%83%E0%B7%8A+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
සංචාරක  ඕස්ට්‍රේලියානු පිළ සහ ශ්‍රී ලංකාව අතර පළමු ටෙස්ට් තරඟය පල්ලෙකැළේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද ආරම්භ වනවා.

ශ්‍රී ලංකාව 1999 වසරේ මහනුවර දී ලද ජයග්‍රහණයෙන් පසු  ඕස්ට්‍රේලියාව ටෙස්ට් තරඟයකින් පරාජය කර නැහැ.

ශ්‍රී ලංකාව සහ  ඕස්ට්‍රේලියාව ටෙස්ට් තරඟ 26කට මුහුණ දී ඇති අතර, ඉන් 17ක්ම  ඕස්ට්‍රේලියාව ජයග්‍රහණය කළා.

තරඟ 8ක් ජය පැරදුමෙන් තොරව අවසන් වූ අතර ශ්‍රී ලංකාව ජයගෙන ඇත්තේ එක් තරඟයක් පමණයි.

මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි තරම් ක්‍රීඩකයින් සොයාදීම මෙරට පසුපෙළ පුහුණුකරුවන්ගේ ප්‍රධානතම වගකීමක් බව ශ්‍රී ලංකා ක්‍රිකට් නායක ඇන්ජලෝ මැතිව්ස් පවසනවා.

ඔහු මේ බව පැවසුවේ ඊයේ පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී මාධ්‍යවේදීන් අමතමින්.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් සහ ඔස්ට්‍රේලියා ක්‍රිකට් ක්‍රිඩකයින් ඊයේ පල්ලේකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී සිය අවසන් පුහුණු සැසියන්ට එක්වුණා.

මේ අතර, සුරංග ලක්මාල් සහ ධනංජය ද සිල්වා ආබාධයන්ට ලක්ව ඇති නිසා අද තරගයට ක්‍රිඩා කිරීම අවිනිශ්චිත තත්ත්වයක පවතින බවයි ශ්‍රී ලංකා
ක්‍රිකට් නායක ඇන්ජලෝ මැතිව්ස් පවසන්නේ.

දිගින් දිගටම තම කණ්ඩායමේ ක්‍රීඩකයින් ආබාධයන්ට ලක්වීම හැකි ඉක්මනින් විසදාගත යුතු කරුණක් බවට පත්ව ඇති බව මැතිව්ස් වැඩිදුරටත් පවසනවා.