ක්‍රිකට් සභාපතිට අර්ජුණගෙන් දැඩි චෝදනා

Wednesday, 27 July 2016 - 7:36

%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%A7+%E0%B6%85%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B7%94%E0%B6%AB%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%90%E0%B6%A9%E0%B7%92+%E0%B6%A0%E0%B7%9D%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F
මෙරට දක්ෂ පුහුණුකරුවන්ගෙන් ප්‍රයෝජන නොගෙන ඔවුන් විදෙස් කණ්ඩායම් පුහුණුකිරීම සම්බන්ධයෙන් චෝදනා කිරීමෙන් කිසිදු ප්‍රතිඵලයක් නොලැබෙන බව හිටපු ක්‍රිකට් නායක අර්ජුණ රණතුංග ප්‍රකාශ කළා.

ඒ, කොළඹ ඊයේ පැවැති සම්මන්ත්‍රණයකට එක්වෙමින්.

මුත්තයියා මුරලිදරන්  ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ දඟ පන්දු පුහුණු උපදේශකවරයෙකු ලෙස සේවය කිරීම පිළිබදව ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයා චෝදනා කිරීම සම්බන්ධයෙන් අමාත්‍ය අර්ජුණ රණතුංග එහිදී අදහස් පළ කළා.

ඔහු කියා සිටියේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් රටේ සිටියදී විදෙස් පුහුණුකරුවන් ගෙන්වීම අනුමත කළ නොහැකි බවයි.

‘‘මම මුරලි නම් ඔය වැඩේ භාර ගන්නේ නෑ. හැබැයි මුරලිට පන්දුව දමා ගසනවා කියා චෝදනා කළ අයම ඔහු පුහුණුකරුවෙක් හැටියට ගන්නවා. එතනින් අපි ලෝකයට ඔප්පු කරලා තියෙනවා අපි කරපු දේ හරි කියලා. එතනදි මුරලි ජයග්‍රහණය කළා. පසුගිය නිළවරණයෙන් පස්සේ ලෝක කුසලානය දිනා ගත්ත ක්‍රිකට් ක්‍රීඩකයෝ කී දෙනෙක් පුහුණුකම්වලින් අයින් කරලා තියෙනවා ද? පිටරට පුහුණුකරුවෝ ගෙනල්ලා තියෙනවා. ලෝක දිනපු අපේ ක්‍රීඩකයෝ මේ පරිපාලනයට වැදගත් නැහැ. ඔවුන් ලෝකෙට වැදගත්වීම ගැන දොස් කියන්න  ඕනිත් නෑ. නිළවරණෙට ඡුන්දෙ ඉල්ලපු සභාපති තිලංග සුමතිපාල මුදලාලි මහත්මයෙක්. මතිවානනුත් එහෙමයි. ජයන්ත ධර්මදාසත් එහෙමයි. සූදුවට සම්බන්ධ කට්ටිය ක්‍රිකට් ක්‍රීඩාවත් සූදුවක් කරලා.’’