ශ්‍රී ලංකා පන්දු යවන්නන් ඔස්ට්‍රේලියාව අසරණ කරයි

Wednesday, 27 July 2016 - 15:08

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%B4%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94+%E0%B6%BA%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%B1%E0%B7%8A+%E0%B6%94%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B6%85%E0%B7%83%E0%B6%BB%E0%B6%AB+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
සංචාරක ඔස්ට්‍රේලියා කණ්ඩායමේ පළමු ඉනිම ලකුණු 203 කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත්වුනා.

පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිම වෙනුවෙන් ලබාගත්තේ ලකුණු 117 ක් පමණයි.

ඔස්ට්‍රේලියා පළමු ඉනිමේදී ඇඩම් වොජස් ලකුණු 47 ක් ලබාගත්තා.

මිචෙල් මාර්ෂ් 31 ක් සහ ස්ටීවන් ස්මිත් ලකුණු 30 ක් ලබාගත්තා.

නුවන් ප්‍රදීප්ගේ පන්දුවක් හමුවේ ඩේවිඩ් වෝනර් කිසිදු ලකුණක් නොලබා දැවී ගියා.

පන්දු යැවීමේදී රංගන හේරත් සහ ලක්ෂාන් සඳකැන් කඩුලු 4 බැගින් බිඳහෙලුවා.

නුවන් ප්‍රදීප් කඩුලු 2 යි.

මේවන විට දෙවන ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදෙමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ලකුණු 6 ක් ලබා සිටිනවා.

කුසල් පෙරේරා ලකුණු 4 කට දැවීගියා.

වර්ෂාව ඇද හැළීම හේතුවෙන් මේවන විට තරගය තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

\"\" \"\"