මංගල තරඟයේම ඕස්ට්‍රේලියා වාර්තාව තමන් සතු කර ගත් ලක්ෂාන්

Thursday, 28 July 2016 - 8:15

%E0%B6%B8%E0%B6%82%E0%B6%9C%E0%B6%BD+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9F%E0%B6%BA%E0%B7%9A%E0%B6%B8+%E0%B6%95%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80+%E0%B6%AD%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%AD%E0%B7%94+%E0%B6%9A%E0%B6%BB+%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A
සංචාරක ඕස්ට්‍රේලියා කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පල්ලෙකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරඟයේ තුන්වන දිනය අදයි.

වර්ෂාවෙන් බාධා එල්ලවීම හේතුවෙන් ඊයේ තරඟය නතර කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම සිය දෙවන ඉනිම සඳහා එක් කඩුල්ලක් දැවී ලකුණු හයක් ලබාගෙන සිටියා.

පළමු ඉනිම සඳහා ඕස්ට්‍රේලියා කණ්ඩායම සියල්ලන් දැවී ලකුණු 203 ක් රැස් කළ අතර, ශ්‍රිී ලංකා කණ්ඩායමට පළමු ඉනිමට රැස් කරගත හැකිවූයේ ලකුණු 117 ක් පමණයි.

රංගන හේරත් සහ ලක්‍ෂාන් සඳකැන් දඟ පන්දුවෙන් මෙහිදී ඕස්ට්‍රේලියා කණ්ඩායමට ප්‍රභල අභියෝගයක් එල්ල කළා.

එහිදී ඔවුන් දෙදෙනාම කඩුලු හතර බැගින් බිඳ හෙලුවා.

මෙහිදී සුවිශේෂ සිදුවීම වූයේ මංගල තරඟයේදී වමත් දඟ පන්දු යවන්නකුගේ හොඳම පන්දු යැවීමට හිමි වාර්තාව තම නම ඉදිරියේ සටහන් කරගැනීමට කඩුලු හතරක් ලබාගනිමින් ලක්‍ෂාන් සඳකැන් සමත් වීමයි.

1935 දී ඔස්‌ට්‍රේලියා වමත් පන්දු යවන්නකු වූ ලෙස්‌ලි ස්‌මිත් විසින් එංගලන්තයට එරෙහිව ලකුණු 64ට කඩුලු හතරක් ලබාගැනීම මීට පෙර තිබූ වාර්තාවයි.