රංගන සමඟ ලක්ෂාන් ශ්‍රී ලංකාවට සුපිරි ජයක් ගෙන එයි

Saturday, 30 July 2016 - 15:02

%E0%B6%BB%E0%B6%82%E0%B6%9C%E0%B6%B1+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B7%83%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%A2%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B7%99%E0%B6%B1+%E0%B6%91%E0%B6%BA%E0%B7%92
වෝන් - මුරලිදරන් ටෙස්ට් ක්‍රිකට් තරඟාවලිය යටතේ පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවති පළමු ටෙස්ට් තරඟය මීට ස්වල්ප මොහොතකට පෙර ලකුණු 106 කින් ජයග්‍රහණ කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුණා.

අවසන් දිනය වන අද ලකුණු 268ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ඕස්ට්‍රේලියාවට සියල්ලන් දැවී රැස්කර ගත හැකි වූයේ ලකුණු  161 ක් පමණයි.

අයහපත් කාලගුණය නිසා අද තරඟය ආරම්භය ද පමා වූ අතර, ඊයේ දිනයේදී ද තරඟයට වර්ෂාවෙන් බාධා පැමිණුනා.

ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරඟයේ පළමු ඉනිමේදී සියලූ දෙනා දැවී රැස් කළේ ලකුණු 117ක් පමණයි.  

ඕස්ට්‍රේලියා පළමු ඉනිම 203කට සීමා වුණා.

කෙසේ වෙතත්, කුසල් මෙන්ඩිස් ලබා ගත් ලකුණු 176ත් සමඟ ශ්‍රී ලංකා දෙවන ඉනිම අවසන් වුණේ ලකුණු 353ක් ලෙසයි.

මෙම තරඟය ජයග්‍රහණය 1999න් වසරෙන් පසු ශ්‍රී ලංකාව ඕස්ට්‍රේලියාවට එරෙහිව වාර්තා කළ පළමු ටෙස්ට් ජයග්‍රහණය ලෙසට වාර්තා අතරට එක්වනවා.

විශිෂ්ඨ පන්දු යැවීමක නිරතවූ රංගන හේරත් පළමු ඉනිමේදී කඩුලූ 4 ක් සහ දෙවන ඉනිමේදී කඩුලූ 5 ක් ලබාගත් අතර ලක්ෂාන් සඳකැන් පළමු ඉනිමේදී කඩුලූ 4 ක් සහ දෙවන ඉනිමේදී කඩුලූ 3 ක් ලබාගත්තා.

සුපිරි පිතිහරඹයක නිරතවු කුසල් මෙන්ඩිස්ට තරගයේ වීරයා සම්මානය හිමිවුනා.

සංචාරක ඔස්ට්‍රේලියා කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර තරග 3 කින් සමන්විත ටෙස්ට් තරගාවලියේ දෙවන තරගය අගෝස්තු 4 වනදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි.

\"\"
 \"\" \"\"