රුසියාව ඔලිම්පික් සහභාගිවීමේ අවසන් තීරණයට ත්‍රිපුද්ගල කමිටුවක්

Sunday, 31 July 2016 - 13:32

%E0%B6%BB%E0%B7%94%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B6%94%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%92%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B7%84%E0%B6%B7%E0%B7%8F%E0%B6%9C%E0%B7%92%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%A7++%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD+%E0%B6%9A%E0%B6%B8%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
බ්‍රසීලයේ රියෝ ද ජැනැයිරෝ නුවර ලබන මස ආරම්භ වන ගිම්හාන ඔලිම්පික් සැණකෙළියට සහභාගි විය හැකි රුසියානු මළල ක්‍රීඩක ක්‍රීඩිකාවන් අනුමත කිරීම සඳහා ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව ත්‍රිපුද්ගල කමිටුවක් පත්කර තිබෙනවා.

ඔලිම්පික් කමිටුව පසුගිය සතියේ ප්‍රකාශ කළේ එක් එක් ජාත්‍යන්තර ක්‍රීඩා සම්මේලනවලට රුසියානු ක්‍රීඩකයන් ඔලිම්පික් උළෙලට සහභාගි කරලීම ගැන තීරණය කළ හැකි බවයි.

ඒ අනුව රුසියානු ක්‍රීඩකයන් 250 දෙනෙකු පමණ මේ වනවිට අදාළ සම්මේලන මගින් අනුමත කර තිබෙනවා.

එහෙත් ඔවුන් පිළිබඳ අවසන් තීරණයක් ගැනීම නව ත්‍රිපුද්ගල කමිටුවට පැවරෙන බවයි ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ සභාපති තෝමස් බාක් ප්‍රකාශ කළේ.

ක්‍රීඩාවේ තහනම් උත්තේජක භාවිතයට එරෙහි ලෝක ආයතනය වාඩා මගින් රුසියාව රාජ්‍ය මට්ටමෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් තහනම් උත්තේජකවලට යොමු කරන බවට පසුගියදා වාර්තා ගොනුකළා.

එහෙත් ඒ අනුව සියලුම රුසියානු ක්‍රීඩකයන්ට ඔලිම්පික් තහනම් කිරීමට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව තීරණය කළේ නැහැ.

නව කමිටුව පත්කර කර ඇත්තේ වාඩා ආයතනය සහ වෙනත් අංශවලින් එල්ලවන බලපෑම් නිසා බව විශ්වාස කෙරෙනවා.