දකුණු අප්‍රිකාව 372ක් ඉදිරියෙන්

Tuesday, 30 August 2016 - 9:27

%E0%B6%AF%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%85%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+372%E0%B6%9A%E0%B7%8A+%E0%B6%89%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A
සංචාරක නවසීලන්ත පිළ සහ දකුණු අප්‍රිකාව අතර, සෙන්චූරියන් හි පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ 3 වන දිනය වූ ඊයේ දෙවන ඉනිමේ පන්දුවට පහර දෙන දකුණු අප්‍රිකාව කඩුලූ 6ක් දැවී ලකුණු 105ක් ලබා සිටියා.

මෙම තරගයේ මුල් ඉනිමේදී දකුණු අප්‍රිකාව කඩුලූ 8කට ලකුණු 481ක් රැස් කළ අතර, නවසීලන්තයට මුල් ඉනිමේදී ලබා ගත හැකි වූයේ ලකුණු 214ක් පමණයි.

මේ අනුව දකුණු අප්‍රිකාව දෙවන ඉනිමේ කඩුලූ 4ක් අතැතිව ලකුණු 372ක් ඉදිරියෙන් සිටිනවා.

අද තරගයේ 4 වන දිනයයි.