ශ්‍රී ලංකා වාර්තාව බිඳ දමමින් ක්‍රිකට් උපන් රටෙන් ලකුණු 444ක් රැස් කළ සම්පූර්ණ ඉනිම

Wednesday, 31 August 2016 - 7:24

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80+%E0%B6%B6%E0%B7%92%E0%B6%B3+%E0%B6%AF%E0%B6%B8%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%8B%E0%B6%B4%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B6%A7%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BD%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+444%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B7%85+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%96%E0%B6%BB%E0%B7%8A%E0%B6%AB+%E0%B6%89%E0%B6%B1%E0%B7%92%E0%B6%B8
ජාත්‍යන්තර එක්දින තරඟයකදී එක් කණ්ඩායමක් රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාව වාර්තා කරමින් ශ්‍රී ලංකාව තබා තිබූ ලෝක වාර්තාව එංගලන්තය ඊයේ බිඳ හෙලුවා.

ඒ, එංගලන්තයේ රෙන්ට්බ්‍රිජ් හිදී පාකිස්තානය සමඟ පැවති තුන්වන එක්දින තරඟයේදීයි.

මීට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම, නෙදර්ලන්තයට එරෙහිව 2006 වසරේදී මෙම වාර්තාව පිහිටවනු ලැබුවේ ලකුණු 443ක් ලබා ගනිමින්.

පාකිස්තානයට එරෙහිව ඊයේ  පැවැති තරගයේදී එංගලන්ත කණ්ඩායම ලකුණු 444ක් ලබා ගනිමින් මෙම වාර්තාව බිද හෙලනු ලැබුවා.

මෙම තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් එංගලන්තය කඩුලු තුනක් දැවී ලකුණු 444ක් රැස් කළා.

එහිදී ප්‍රබල ඉනිමක් ක්‍රීඩා කරමින් AD Hales පන්දු 122කදී හතරේ පහර 22ක් සහ හයේ පහර හතරක් සමඟින් ලකුණු 171ක් රැස් කළා.

JC Buttler පන්දු 51කදී හයේ පහර 7ක් සහ හතරේ පහර 7ක් සමඟ නොදැවී ලකුණු 90ක් රැස් කළා.

ඔහුට අගනා සහයක් ලබාදෙමින් ප්‍රවේගකාරී පිතිහරඹයක් දියත් කළ EJG Morgan ලකුණු 57ක් රැස් කළේ පන්දු 27කදීයි.

ඒ හතරේ පහර 3ක් සහ ප්‍රබල හයේ පහර 5ක් සමඟින්.

හතරේ පහර 8ක් සමඟ JE Root ලකුණු 85ක් රැස් කළේ පන්දු 86කදීයි.

445ක ඉලක්කය හඹාගිය පකිස්තානු පිතිකරුවන්ට සියලු දෙනා දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 275ක් පමණයි.

පන්දු යැවීමේදී CR Woakes ලකුණු 41කට කඩුලු 4ක් දවාගනිමින් එංගලන්ත ජය තහවුරු කළා.

ඒ අනුව මෙම තරඟය ලකුණු 169කින් ජයග්‍රහණය කිරීමට එංගලන්තය සමත් වූවා.

හයෙන් හතරෙන් අලංකාර වූ එංගලන්ත ඉනිම පහතින් නරඹන්න.



තරඟයේ ලකුණු සටහන පහතින්.

\"\"

\"\"