ඔස්ට්‍රේලියාවට 213 ක ඉලක්කයක්

Wednesday, 31 August 2016 - 18:27

%E0%B6%94%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+213+%E0%B6%9A+%E0%B6%89%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන හතරවන එක්දින තරගය ජයග්‍රහණය කිරීමට ඔස්ට්‍රේලියාවට ලකුණු 213 ක ඉලක්කයක් හිමිවී තිබෙනවා.

දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ සියලුදෙනා දැවී ලබාගත් ලකුණු සංඛ්‍යාව 212 ක්.

සිය පළමු ජාත්‍යන්තර එක්දින තරගයට පැමිණි අවිශ්ක ප්‍රනාන්දු කිසිදු ලකුණක් නොලබා දැවිගියා.

ධනංජය ද සිල්වා 76 යි. සචිත් පතිරණ ලකුණු 24 ක් ලබාගත්තා.

මෙම තරගයේදී පාදයේ ආබාධයකට ලක්වු ඇන්ජෙලෝ මැතිව්ස් ලකුණු 29 ක් ලබා සිටියදී පිටියෙන් ඉවත්වුව ද දිල්රුවන් පෙරේරාගේ දැවී යාමෙන් පසු මැතිව්ස් යළි පිටියට පැමිණියා. ඔහු ලබාගත් ලකුණු සංඛ්‍යාව 40 ක්.

මෙම එක්දින තරගාවලියේ තරග දෙකක් ඔස්ටේ‍්‍රලියාව ජයග්‍රහණය කර ඇති අතර ලංකාව ජයගත්තේ එක් තරගයක් පමණයි.

එබැවින් මෙම තරගාවලිය ජයග්‍රහණය කිරීමට නම් ශ්‍රී ලංකාව මෙම තරගය සහ අවසන් තරගය ජයග්‍රහණය කල යුතු වනවා.

\"\"