ක්‍රීඩා ලේකම්ගෙන් අගමැති කරුණු විමසයි

Thursday, 01 September 2016 - 7:48

%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%A9%E0%B7%8F+%E0%B6%BD%E0%B7%9A%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B7%80%E0%B7%92%E0%B6%B8%E0%B7%83%E0%B6%BA%E0%B7%92
ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටුව ගැන ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම්වරයා මාධ්‍යයට නිකුත් කළ ප්‍රකාශ සම්බන්ධයෙන් වහාම නිදහසට කරුණු විමසන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍ය ලේකම්වරයාට උපදෙස් ලබාදී තිබෙනවා.

ඔලිම්පික් උළෙලට ක්‍රීඩකයන් සහභාගි කරවීමේ ක්‍රමවේදය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා මීට පෙර වාර්තාවක්ද කැඳවා තිබුණා.

එම වාර්තාව අග්‍රාමාත්‍යවරයාට සපයා ඒ සම්බන්ධයෙන් තීරණය ප්‍රකාශයට පත් කිරීමට පෙර සිද්ධිය නිදොස් කරමින් මාධ්‍යයට ප්‍රකාශ නිකුත් කිරීම පිළිබඳවයි ලේකම්වරයාගෙන් නිදහසට කරුණු විමසා ඇත්තේ.

කෙසේ වෙතත් සීමාව ඉක්මවා ක්‍රියාකරමින් මාධ්‍යයට ප්‍රකාශ නිකුත් කිරීම සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරයාට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නා බවද අග්‍රාමාත්‍ය කාර්යාලය වැඩිදුරටත් සඳහන් කළා.