එක්දින තරගාවලිය ජයගත් ඔස්ට්‍රේලියා නායකයා කනස්සල්ලෙන්

Thursday, 01 September 2016 - 17:18

%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%B1+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C%E0%B7%8F%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%BA+%E0%B6%A2%E0%B6%BA%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%94%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%BA%E0%B7%8F+%E0%B6%9A%E0%B6%B1%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%99%E0%B6%B1%E0%B7%8A
ශ්‍රී ලංකාව සමග පැවති එක්දින තරගාවලිය ජයග්‍රහණයෙන් පසු ඔස්ට්‍රේලියා කණ්ඩායමේ වත්මන් නායක ඩේවිඩ් වෝනර් ක්‍රීඩාංගණ තණතිලි පිළිබඳ කනස්සල්ල පළකර තිබෙනවා.

තණතිලිවල ස්වභාවය හේතුවෙන් වැඩි ලකුණු සංඛ්‍යාවක් කරා යාමට අපහසු වු බවයි ඔහු ප්‍රකාශකර ඇත්තේ.

එමෙන්ම මෙම ක්‍රීඩාංගණ එක්දින තරග සඳහා සුදුසු නොවන බව ද වෝනර් සඳහන් කර තිබෙනවා.

ශ්‍රී ලංකාවට සමග පැවති ටෙස්ට් තරගයෙන් ඔස්ට්‍රේලියාව පරාජයට පත්වු අතර එක්දින තරගාවලිය 3 ට එකක් ලෙස ජයග්‍රහණය කලා.