උපුල් තරංග ශ්‍රී ලංකා කණ්ඩායමට

Friday, 02 September 2016 - 8:06

%E0%B6%8B%E0%B6%B4%E0%B7%94%E0%B6%BD%E0%B7%8A+%E0%B6%AD%E0%B6%BB%E0%B6%82%E0%B6%9C+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%9A%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BA%E0%B6%B8%E0%B6%A7
ඔස්ට්‍රේලියාව සමග පැවැත්වෙන අවසන් එක්දින තරගය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායමට උපුල් තරංග කැඳවා තිබෙනවා.

ඒ ආබාධයකට ලක්වු ශ්‍රී ලංකා නායක ඇන්ජෙලෝ මැතිව්ස් වෙනුවෙන්.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කලේ තිසර පෙරේරා සහ ලක්ෂාන් සඳකැන් වෙනුවෙන් නිරෝෂන් දික්වැල්ල සහ දසුන් ශානක සංචිතයට නම්කර ඇති බවයි.

ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර පස්වන හා අවසන් එක්දින තරගය අනිද්දා පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.

5 වන එක්දින තරගයේදී ශ්‍රී ලංකා පිල මෙහෙයවනු ඇත්තේ උපනායක දිනේෂ් චන්දිමාල් විසින්.

මෙම එක්දින තරගාවලිය 3 ට 1 ක් ලෙස ඔස්ට්‍රේලියාව ජයග්‍රහණය කර අවසන්.