එංගලන්තය 4ට 0ක ජයක් ලබයි

Friday, 02 September 2016 - 8:53

%E0%B6%91%E0%B6%82%E0%B6%9C%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA+4%E0%B6%A7+0%E0%B6%9A+%E0%B6%A2%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BD%E0%B6%B6%E0%B6%BA%E0%B7%92
සංචාරක පාකිස්ථාන පිල සමඟ පැවති 4 වන එක්දින තරඟයෙන් ද විශිෂ්ඨ ජයග්‍රහණයක් වාර්තා කිරීමට එංගලන්තය ඊයේ (01) සමත් වුණා.

ලීඩ්ස් හි පැවති එම තරඟයේදී පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්ථාන පිල සිය පන්දුවාර 50 තුළදී කඩුලු 8 ක් දැවී ලකුණු 247 ක් රැස් කළා.

අසාර් අලි ලකුණු 80 යි.

අදිල් රෂීඩ් ලකුණු 47 ට කඩුලු 3 යි.

පිළිතුරු වශයෙන් එංගලන්තය පන්දුවාර 48 කදී කඩුලු 6 ක් දැවී ලකුණු 252 ක් ලබමින් තරඟයේ ජය හිමිකර ගත්තා.

මේ අනුව, එංගලන්තය තරඟ 5 කින් යුත් එක්දින තරඟාවලියේ 4 ට බින්දුවක් ලෙස ඉදිරියෙන් සිටිනවා.