පළමු විස්සයි විස්ස තරඟය අද

Tuesday, 06 September 2016 - 8:04

%E0%B6%B4%E0%B7%85%E0%B6%B8%E0%B7%94+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B6%BA%E0%B7%92+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%83+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9F%E0%B6%BA+%E0%B6%85%E0%B6%AF
ශ්‍රී ලංකාව සහ  ඕස්ට්‍රේලියාව අතර පළමු විස්සයි විස්ස තරඟය පල්ලෙකැළේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද දිවා රාත්‍රී තරඟයක් ලෙස පැවැත්වෙනවා.

මෙම තරඟයේදී ශ්‍රී ලංකා පිළ දිනේෂ් චන්දිමාල් විසින් මෙහෙය වන අතර, කණ්ඩායමේ වෙනස්කම් කිහිපයක්ම සිදුකර තිබෙනවා.

එමෙන්ම අද පැවැත්වෙන තරඟය සහ කොළඹ දී සැප්තැම්බර් 9 වන දා පැවැත්වෙන තරඟයෙන් පසු ශ්‍රී ලංකා පිළේ පළපුරුදුතම ක්‍රීඩකයෙකු වන තිලකරත්න ඩිල්ශාන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට නියමිතයි.

කායික ආබාධයකට ලක්වීම නිසා පසුගිය කාලය තුළ ක්‍රිකට් පිටියෙන් ඉවත්ව සිටි ලසිත් මාලිංග විස්සයි විස්ස තරගාවලියට නම් කර නැහැ.

කෙසේ නමුත්, කායික ආබාධය සුව වී යළි පුහුණුවීම් ආරම්භ කර සිටි ලසිත් මාලිංග ප්‍රකාශ කළේ මෙම විස්සයි විස්ස තරගාවලියට සහභාගිවීම සඳහා තමා සූදානමින් සිටි බවයි.